15 හැවිරිදි සිසුවෙකු පදිංචිව සිටින නිවෙසට ගොස් ඔහුට ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන කරන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
ආදායම් බදු ආපසු ගෙවීමේ මෘදුකාංගය අක්‍රීය වී තිබෙන බවත්, මෙය හිතාමතා කළ දෙයක්ද, එසේ නැතිනම් තදබදය හේතුවෙන් සිදුවූවක්ද යන්න පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අද (01දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreප්‍රංශය කාලගුණික දත්ත ලබාගැනීම ආරම්භයේ සිට මේ දක්වා වාර්තා උණුසුම්ම වසර අත්විඳ ඇති බව එරට ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ අවදානම ඉහළ නංවමිනි.
Read Moreසීත සෘතුවේ උණුසුම ලබාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතා වන නිසා ඒකත් එක්ක තෙල් මිල යලි ඉහල නගිනවා. ජලාශ හිඳිලා නිසා ජල විදුලිය නෑ. තෙල් මිල එක්ක තෙල් ගන්න ඩොලර් නෑ. ගල්අඟුරු ගෙනැවිත් නෑ. ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තියනවා.
Read Moreවඩාත් වැදගත්ම කරුණ වන්නේ අවුරුදු 18-29 අතර පසුවන අයගෙන් සියයට 77.2ක්ම ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සියයට 22ක ප්‍රතිශතයකි.
Read Moreඅයහපත් කාලගුණය එය පිහිටි ස්ථානයේ ස්වභාවය අනුව මුදා ගැනීමේ ප්‍රයත්නය අවුල් කරන බව ගලවා ගැනීමේ සේවකයන් පවසයි.
Read Moreමියගොස් සිටි කොටියාගේ පාද හතර, සම සහ කොටියාගේ දත් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති බවත්, බගවන්තලාව පොලිසිය පවසයි.
Read Moreඋණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජිවිතකෂයට පත්ව තිබේ.
Read Moreනිදහස් අධ්‍යාපනය නම් බාහිර කළත් නිදහස් අභ්‍යන්තර කළත් නිදහස්. අපිට තිබෙන්නේ බාහිර උපාධිවලට බදු අයකරන්න. ඒ අය ව්‍යාපාරයක් කරනවනම් අපි බද්ධක් අය කරන්න ඕන. වැට් එක හරි දාන්න ඕන. කවුද මේ පංති පවත්වන්නේ. මේ පංති පවත්වන සමහර අය විශ්වවිද්‍යාවල ඉන්න අය. මෙතන යනවා පුද්ගලික ක්‍රමවේදයක්. අපිට කරනවා මේක කරන්න එපා කියලා. අපි මේක නැවැත්විය යුතුයි. මේකට ලෑස්තිනම් අපි සාකච්ඡා කරමු
Read Moreවිදුලි බිල වැඩි කිරීම වහාම නතර කර අයවැයෙන් වැඩි වශයෙන් වෙන් කර තිබෙන ප්‍රතිපදන රටේ ලක්ෂ 43ක් වන දරැ පරපුරට සහ මව් පරපුරට වෙන් කරන ලෙස යෝජනා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී අද (01දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreසෑම පුද්ගලයෙකුටම සමෘද්ධිය ලබාදීම සඳහා මුදල් නොමැති නමුත් සමෘද්ධිය ලැබීමට නුසුදුසුකම් ඇති අය ඉවත් කළ හොත් සුදුසුකම් ඇති අයට ලබාදිය හැකි බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More’’අද මේ හැමෝම කථා කරන්නේ කාගේ අයිතිවාසිකම්ද? විදුහල්පති වැටුප් විශමතාව, ගුරුවරුන්ගේ වැටුප් විශමතාව, දීමනා පිළිබඳව, හැබැයි මේ ඒක්කෙනෙක්වත් කථා කළේ නෑනේ මේ දරුවන්ට පංතියේ හරියට උගන්වනවද කියලා. දැන් හයදාස් ගණනක් ඔ්ලෙවල් වල වැඩ සියල්ලම අසමත්. කවුද මේවට වග කියන්නේ. වග කියන්න කෙනෙක් නෑ. අවුරුදු 11ක් පාසලේ ඉගෙන ගෙන වැඩ සියල්ලම අසමත් වුණාම වග කියන්න කෙනෙක් නෑ. මේ ඔක්කොම කථා කරන්නේ කාගේ අයිතිවාසිකම්ද? වැඩිහිටියන්ගේ අයිතිවාසිකම්. අනිත් පැත්තෙන් තමන්ගේ මතයම
Read Moreතමන් අමාත්‍යවරයෙක් ලෙස පළමු වරට පත්වූයේ 2000 වසරේදී බවත් අද පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් අය ඒ වන විට සිය පාසල් ගමන හෝ නිමාකර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකික ජනතාව සමග සත්‍යවශයෙන්ම චීනය සිටගනීනම් චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පිළිතුරු ලබා දී තිබේ.
Read Moreමඩකළපුව දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉඩම් හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි
Read Moreඔක්සිජන් අධිශෝෂක යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයට ලංසු තැබූ අඩු මිල සමාගම් ඉවත්කොට, වැඩි මිල සමාගමට අවස්ථාව ලබා දීම සදහා සෞඛ්‍ය අතිරේඛ ලේකම්වරයෙකු උත්සාහ කරමින් සිටින බව සෞඛ්‍ය විද්වත් වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreඒ අනුව රතු කැකුළු කිලෝවක් රුපියල් 6 කින් අඩු කරමින් රුපියල් 199 ක් දක්වාත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 15 කින් අඩු කරමින් රුපියල් 225 ක් දක්වාත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 30 කින් අඩු කරමින් රුපියල් 225 ක්දක්වාත් සහ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 150 කින් අඩු කරමින් රුපියල් 1150 ක් දක්වාත් මිල අඩුකර තිබේ.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගි වූ තෙවැනි තරගයෙන් සෞදි අරාබිය පරදා ගෝල 2-1 ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝව සමත්විය. මෙම තරගය ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙසින් ජය ගැනිමට ආර්ජන්ටිනාව සමත්විය. ‘සී’ කාණ්ඩයේ පැවති තරගය දෝහා හිදී පැවැත්විණි.
Read Moreචරිත් අසලංක නොදැවී රැස් කළ ලකුනු 83 ත් කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත් නිසා සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 4 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
Read Moreආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 85.6%හි සිට 2022 නොවැම්බර් මාසයේදී 73.7% දක්වා පහළ ගොස් තිබේ.
Read Moreසංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ලකුනු 314ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 20 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කලේය
Read Moreවිදේශ රැකියා ලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඕමානයට විදේශ ගත වීමට උත්සහකල කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපල නිළධාරීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකරන ලදී.
Read Moreමිනිසුන් සභා යාඥාවෙන් පිටව යමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පැවසෙන අතර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බවයි.
Read Moreශ්‍රී ලංගම සේවකයින්ට ප්‍රසාද දීමනා වශයෙන් රු. 20,000/- ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 20,000/- ක මුදලක් ද වශයෙන් රුපියල් 40,000/- මුදලක් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමන්ට ජනාධිපතිධූරය ලබා ගැනීමට හැකි යැයි විශ්වාස කළ බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා උපකාරී වන අයුරින් රටේ ආර්ථික අර්බූදය උඩුදුවන තුරු බලා සිටි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreපසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි ගාස්තු වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී” ඊයේ (29දා) අනාවරණය විය.
Read More1989 ටියැනන්මෙන් චතුරශ්‍ර සිදුවීම මූලික කරගෙන බටහිර රාජ්‍යයන් විසින් චීනය නොසලකා හැරීමෙන් පසු චීනය ජාත්‍යන්තර ප්‍රජාවට සාර්ථකව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ජියැන්ග් බොහෝ විට ගෞරවයට පාත්‍ර වේ.
Read Moreජනතාවට අවශ්‍ය වන්නේ කුසගින්නට බත් කටක් බවත් අංගුලිමාල හා දේවදත්ත ගැන කතා නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි.
Read More