saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4853 hours ago

LATEST

සැප්තැම්බර් 19 දින පාසල් සඳහාත් නිවාඩු

calendar_today 2022 සැප් 15 - 16:01 remove_red_eye - 351  

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනියගේ අවසන් කටයුතු සිදුකරන සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත්ක තිබේ. තරගාවලිය ඔක්තෝබර් මස 16දා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

උප පොලිස් පරීක්ෂක නිලයන් දරණ සැමියෙකුට සහ බිරිඳකට අයත් නිවසක් බිඳ, රුපියල් ලක්ෂ හතකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (14දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.

Read More

මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට අසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ. බේරාගත් පුද්ගලයෙක් බේරුවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. අනිත් දෙදෙනාගේ සිරුරුද සොයාගෙන තිබේ. අවුරුදු 17,18 හා 19 වන වියේ පසුවන තරුණයින් තිදෙනෙක් මෙසේ දියේ ගිලි තිබුණි.

Read More

රුසියාවේ 18 වන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදන කර ඇති ’’ නිව්ස් පේපර් ’’ චිත්‍රපටයට සම්මාන හිමි වී තිබෙන අතර , එය රැගෙන 09/15 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා විවෘතව පවතින කාලය පැය භාගයකින් වැඩි කර තිබේ. අනුව අද (15) සිට කොටස් වෙළෙඳපොළ උදෑසන 10 සිට මධ්‍යහන 12.30 දක්වා ගනුදෙනු සඳහා විවෘතව පවතී.

Read More

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලු අද සිට ජනතාවට විවෘත කිරීමට නියමිතය.

Read More

නුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන එළවළු ,පළතුරු සහ මල් නානුඔය දුම්රිිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමට ඇති හැකකියාව පිලිබදව (14) දින අදාල බලධාරින් නානුඔය දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

මෙම විහාරස්ථානයේ තවත් හිමි නමක් වැඩසිට ඇති අතර උන්වහන්සේ කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබේ. විහාරස්ථානයේ තිබූ ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථය හා වැගන් ආර් වර්ගයේ කාර් රථය විහාරස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී තිබේ. සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.

Read More

වෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.

Read More

කැළණිය ගුරුකුල විද්‍යාලය අසළ අද රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ.

Read More

ෆොසිල ඉන්ධන සඳහා ’’හරිත’’ විකල්පයක් ලෙස හයිඩ්‍රජන් සඳහා යුරෝ බිලියන 3ක් දක්වා ආයෝජනය කිරීම සඳහා නිර්මාණය කර ඇති නව බැංකුවක් නිර්මාණය කිරීමටද යයි.

Read More

අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.

Read More

පකිස්ථානයට අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ජාත්‍යන්තරය සෑම වෙලාවකම උත්සාහ කරයි අපේ රට දුර්වල තැනක තබන්න. රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලුදෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා.

Read More

චීනය විසින්ම සංවර්ධනය කරන ලද සහ නැවත භාවිත කළ හැකි දියර ඔක්සිජන් සහ දහන එන්ජිමකින් බල ගැන්වෙන පළමු ගුවන් යානයයි.

Read More

පෞද්ගලික අංශය විසින් අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන බලපත්‍ර සදහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “ one stop shop” ක්‍රමය දීප ව්‍යාප්ත මට්ටමින් හඳුන්වාදෙයි. මෙම නව ක්‍රමවේදය ලබන නොවැම්බර් මාසයේදී හඳුන්වාදීමට නියමිතය. මෙමගින් සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.‍

Read More

ආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වාර්තා පවසයි.

Read More

මෙරටට අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීමේදී මසක කාලයක් ඉලක්කකර කෙරෙන ඇණවුම් කිරීම් එකවර තුන් මසක ඇණවුම් කිරීම් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.

Read More

පසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හයිලෙවල් මාර්ගයේ මීපේ හන්දියේ දී (අද 14දා) පස්වරුවේ සිදුවූ ලොරි සහ වෑන් රථ අනතුරකින්, එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

Read More

නිදහසේ 75 වන සමරුවේ ඓතිහාසික තත්ත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට, ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම උළෙල සංවිධාන කරන සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදුන්නේය.

Read More

දැනට පළාත් පාලන නියෝජනය කරන මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සදහා‍ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (12දා) පාර් ලිමේන්තුවේදී පැවැත්විණි.

Read More

රටේ පවතින ආර් ථික අර් බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල ‌දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේලක් ලබා දෙන බව කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි

Read More

මන්නාරම පාලම අසල පිහිටි යුදහමුදා ප්‍රධාන සෝදිසි මුරපොලේදී අද (14දා ) යුද හමුදාව විසින් සිදුකරන ලද සෝදිසියකදී ලංගම බස් රථයක් තුල සඟවා තිබූ රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ප්‍රමාණයක් සොයාගත් බවට යුදහමුදාව පවසයි.

Read More

ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර ද්විපාර්ශවික වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් මයිකල් ඇප්ලටෙන් මහතා හා වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (13දා) වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ දී පැවැත්වීය.

Read More

නැදුන්ගමුවේ රාජා හස්තියා නැවත ප්‍රතිෂ්ඨාපනය කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට ස්ථානයක් නොමැති නම්ඒ සඳහා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හෝ කූරගල බෞද්ධ සිද්ධස්ථානයේ ස්ථානයක්වෙන්කර දිය හැකි බව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.