saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4605 hours ago

LATEST

කුමාර් ධර්මසේනට ශ්‍රී ලංකාව ඔසවා තැබීමේ අවස්ථාවක්

calendar_today 2022 නොවැ 11 - 12:07 remove_red_eye - 2576  

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් සුපිරි ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නම් කොට ඇත.

පාසල් පොත් ඇතුළු අනෙකුත් උපකරණ වල මිල ඉහළ ගොස් ඇති නිසා පාසල් දරුවන් අසරණ වී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Read More

පාසල් දරුවන්ට වෙනදා මෙන් ආහාර නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Read More

දුක්කරදරවලට සැනසීම සොයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට පැමිණෙන ජනයාගේ සිත් නිමෙන ආකාරයෙන් කටයුතු කිරීමතම අරමුණ බව අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පවසති.

Read More

පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරන ලද ජාතික සභාව මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු 02ක් පත් කරනු ලැබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ පළමු වාර්තාව ඊයේ (10) දින ජාතික සභාව වෙත ඉදිරිපත් කොට තිබේ.

Read More

ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති අඩු පීඩන කලපාය හේතවෙන් උතුරු හා උතුරු මැද පළාත්වලත් පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද අලුයම 2.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය පැය 24ක කාලයක් සඳහා වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බේරුවල දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී නීති විරෝධී ගිනි අවි 3 ක්,ජීව උණ්ඩ 630ක් සමග සැකකාර හතලිස් නම හැවිරිදි ව්‍යාපාරිකයා බේරුවල පොලිසිය මගින් ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගි වන විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

Read More

දේශපාලකයින්ගේ අනුග්‍රහය නැතුව සහ පොලිසියේ සහයෝගය නැතිව මත්ද්‍රව්‍ය ජාවාරමක් පවතින්න බෑ. ලෝකේ ඕනෑම රටක් සම්බන්ධයෙන් ඒකයි තිත්ත ඇත්ත. පොලිසිය බොහොම අමාරුවෙන් ජීවිතය පරදුවට තබලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අල්ලා ගත්තාම දුරකතන ඇමතුම් එන්නේ බලවතුන්ගෙන්.

Read More

තණමල්විල පොලිස් වසමට අයත් සූරියආර ප්‍රදේශයේ විදුලිරැහැනක පැටළුණු මුවෙකු මුදවාගැනීමට ගිය එක්දරු පියෙකු ඉකුත් (09) වෙනිදා අළුයම මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

Read More

ළමා අපචාර, අපයෝජන, දූෂණ, ස්ත්‍රී දූෂණ නඩු විභාග කිරීම සඳහා සතියට විශේෂ දිනයක් හෝ ළමා අධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවසීය.

Read More

ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි සිය විස්සයි විස්සයි විස්ස දිවියේ ලකුනු හාරදහසේ සීමාවට ලගාවීමට සමත්විය.

Read More

ඇලෙක්ස් හේල්ස් හා ජොස් බට්ලර්ගේ අතිවිශිෂ්ඨ පිතිහරඹය හමුවේ විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට එංගලන්තය සමත්වූහ.

Read More

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද (10දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

මෙරට තුළ ලක්ෂ හතර හමාරක තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී තිබෙන අතර, එය භයානක තත්ත්වයක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොලොම්තොට වගා සංග්‍රාමයේ පළමු අදියර යටතේ එළවළු වර්ග 15 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගෙන් නිල නිවස පිහිටි භූමියේ දී වගා කෙරිණි.

Read More
ඉන්දියාව 168-6
10 11 2022 15:11:00
0 199

විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කලේය

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟත්වය පිළිබඳව නිසැකවම පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බවත්, කෙසේ වෙතත් එහි අඩුංගු කරුණු පිළිබඳ චීනය, ඉන්දියාව වැනි රටවල් සමග සාකච්ඡා කරන අතර, ඇතැම් සංශෝධන සිදුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විශ්වවිද්‍යාලය වල සිසුන්ට නවක වදය ලබා දී මේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට සඳහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

Read More

මෙරට තිබෙන ප්‍රශ්න මෙරට තුළම විසඳා ගැනීමට හැකියාව තිබෙන බවත්, ඒ සඳහා පිටස්තර කිසිවෙකු අතපෙවීමට නොපැමිණෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජල මනු සටහන්කරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

Read More

රාජ්‍ය බැංකුවක එතෙර ගනුදෙනු සේවාවේ නියෝජ්‍ය කළමනාකාරිනිය ක ගේ ගල්කිස්ස ශාන්ත රීටා පාරේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි

Read More

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් කටයුතු කර තිබේ.

Read More

දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

ඉකුත් මාස දහයක කාලය තුළ ලාදුරු රෝගීන් එක්දහස් දහසය දෙනෙකු මෙරටින් වාර්තා වීම නිසා ලාදුරු රෝගය සම්බන්ධයෙන් සමාජගත වී වැරදි ආකල්ප වලින් මිදී , යම් රෝග ලක්ෂණයක් වෙතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ලාදුරු වලින් තොර රටක් ගොඩනැගීමට සියලු දෙනා එක්වන ලෙස ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය .

Read More

විශේෂ කාර්ය බළකායේ 81 වන මූලික ආධුනික පුහුණු පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී පැවැත්විණි.

Read More

මෙරට වැඩිහිටි පුද්ගලයන්ට ලබා දෙනු ලබන වැඩිහිටි දීමනාව ඔවුන්ට මාස 03ක් ලබා දී නොමැති බවත්, එම දීමනාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති එම ආදර්ශ වගා උද්‍යානයෙන් විදේශ වෙළෙ ද පොලට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොළට අපනයනය කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සකස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සීටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉළක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය යටතේ අක්කර 200ක ක්‍රියාත්මක කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.