අපේ රටේ දේශපාලන පක්ෂ වැඩි බවත් තියෙන පක්ෂ නිසාම රට කර ගෙන යාමට නොහැකිවී ඇති බවත් ප්‍රතිතස්ත පනතේ යම් යම් සංශෝධන කළ යුතු බව තමාද පිලිගන්නා බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (2දා) හික්කඩුවේ සංචාරක වයාපාරය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුව පැවති මාධ්‍ය හමුවකදී කීවාය.
“ඇත්තටම මේ රටට ඔරොත්තු නොදෙන තරම් පක්ෂ තියෙනවා. එක එක පාට පක්ෂ තියෙනවා. මම හිතන්නේ රටේ පක්ෂ හොදටම වැඩ්යි. මේ පක්ෂ රටටම විහිලුවක් වෙලයි තියෙන්නේ. ඒ පක්ෂවල අය කටයුතු කරන්නේ පෞද්ගලික න්‍යාය පත්රයකට අනුවයි.
පක්ෂ දේශපාලනය කරන්න ඉස්සරවෙලා රට ගැන හිතන්න ඕන. රටක් තිබුණොත්නේ පක්ෂ දේශපාලනය වුනත් කරන්න පුලුවන්. ජනාධිපති රනිල් මහත්තයාත් කියන්නේ ඒකයි. එතුමත් එක්ක එකතුවෙලා වැඩ කරමුයි කියලා එතුමා අනෙක් පක්ෂවලට ආරාධනා කරන්නේ ඒකයි. මමත් ඉන්නේ එතනයි.
සචාංරකයින්ට මෙරටට පැමිණීමට හොද රටක් තිබිය යුතු බවත් පාස්කු ඉරිදා පහාරය නිසා ලංකාවේ සංචාරක වයාපාරය නැත්තටම නැතිවී ගිය බවත් ඇය කීවාය.
එවැනි වාතාවරණයක් ඇත් නොවීමට නම් ප්‍රතිතස්ත පනත වගේ පනත් තිබිය යුතු බවත ප්‍රතිතස්ත පනතේ යම් යම් සංශෝදන කළයුතු බව පිළිගන්නා බවත් ඒවා සංශෝදනය කර මේ පනත ගෙන ඒවි යැයිද ඩයනා ගමගේ මහත්මිය කීවාය.
සුසිල් ප්‍රියන්ත