යාපනය කයිටිස් මාර්ගයේ අල්ලෙයිපිඩ්ඩි ප්‍රදේශයේදී අද (01) සවස යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.
යාපනයේ සිට කයිට්ස් දෙසට ගමන්ගත් වෑන් රථයක් සහ කයිටිස් සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර යතුරුපැදියේ කාන්තාවන් දෙදෙනෙකු ගමන්කොට ඇතැයි වාර්ථා වෙයි.
එහිදී යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනාම එම ස්ථානයේම මියගොස් ඇති අතර යතුරුපැදියේ වෑන් රථය වැදීමෙන් පසුව පෙරලී යාමෙන් වෑන් රථයේ සිටි රියදුරු ඇතුලු තවත් අයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
අනතුරින් මිය ගොස් ඇති කාන්තාවන් දෙදෙනාගෙම අනන්‍යතාවය මෙතෙක් හෙලි වී නොමැති බවටද පොලීසිය පැවසීය.
අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර අධික වේගය හේතුවෙන් වෑන් රථය හෝ යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇතැයි සැක පල කරන අතර අනතුර සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

