ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල අඩුකිරිමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 7 කින්, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 10 කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කළ බව සමාගම පවසයි.
එම මිල අඩු කිරීමත් සමග ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 333කට, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 365 කට, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 310 කට හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 330 කට ඔවුන් අලෙවි කරනු ලබයි.