තියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ වෙළඳසලකට පෙරේදා (1) මහා දවාලේ කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ව්‍යාපාරිකයා පැළඳ සිටි පවුම් 28 ක් බර රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ දෙකක පමණ මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
කොල්ල කන ලද රන් භාණ්ඩ අතර පවුම් 5 ක් සහ 7 ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12ක මාලයක්, පවුම් 1 ක් සහ 1 1/2 බර පෙන්ඩන් දෙකක්, පවුම් 1 ක් සහ පවුම් 1/ බර සුර දෙකක් වන බව පොලිසිය කියයි.
කොළ පාටට හුරු තී රෝද රථයකින් පැමිණ තිබූ කොල්ලකරුවන් දෙදෙනා වෙළඳසැලට කඩා කඩාවදින අවස්ථාවේදී සේවකයන් අට දෙනකු එහි සිට ඇති අතර මුදල් කවුන්ටරය තුළ සිටි ව්‍යාපාරිකයා අසලට ගොස් ඔහුගේ ගෙලට තියුණු ආයුධ තබා කොල්ල කෑමේ දී සේවයකයන් තුෂ්නිම්භූතව බලා සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ව්‍යාපාරිකයා පැළඳ සිටි සියලුම රන් ආභරණ කොල්ලකෑමෙන් අනතුරුව ත්‍රිරෝද රථය වෙත යාම සඳහා පැමිණි කොල්ලකරුවන් දෙදෙනා නැවතත් වෙළඳ සැල වෙත පැමිණ කවුන්ටරයේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකා ත්‍රිරෝද රථයේ නැගී පලාගොස් තිබූ බව පොලිසිය කියයි
කොල්ල කරුවන් පැමිණි තී රෝද රථයේ ලියාපදිංචි අංකය අනුව සිදුකළ විමර්ශනවලදී මීට දින කීපයකට ඉහතදී දෙහිවල ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත
කොල්ල කරකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශය හැර පලාගොස් ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.