නොරොච්චෝල ලක්විජය බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු රැගත් තවත් නෞකා තුනක් මේ වන විට දිවයිනට ළඟ වී තිබේ. එම නෞකා තුනෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
නොරොච්චෝල වෙනුවෙන් අවශ්‍ය එමෙන්ම ඇණවුම්කර ඇති ගල් අඟුරු නෞකා 30න් නෞකා 19ක් මේ වන විටත් දිවයින පැමිණ තිබේ.
මේ වන විට ගල් අගුරු නෞකාවකින් ගල් අඟුරු ගොඩබෑම් කටයුතු සිදුවන අතර එය අවසන් වූ විට හෙට දිනයේ සිට මේ වන විට පැමිණ ඇති නෞකා තුනෙන් ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර තවත් ගල් අඟුරු නෞකා 03ක් මේ වන විට දිවයින බලා යාත්‍රා කරමින් පවතින බව ලංකා ගල් අඟුරු සමාගම පෙන්වා දෙයි.