saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 4323 hours ago

LATEST

පළාත් පාලන ඡන්දයේදී හම්බන්තොටට කුමක් වෙයිද?

calendar_today 2023 ජන 19 - 07:00 remove_red_eye - 12045  

2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණ මනාප ප්‍රතිඵල කලින්ම කියූ ප්‍රදීප් චානක පළාත් පාලන ඡන්දයේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන කළ සමීක්ෂණයේ ප්‍රතිඵල

මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් රටේ සංවර්ධනය ගමේ සංවර්ධනය විනාශ කළ රාජපක්ෂවරුන් හා ඔවුන් වටා සිටින ව්‍යාපාර ජාලය පලවා හැරීම ඉතා බලගතු දේශපාලන පාඩමක් වශයෙන් අරමුණු කරගත යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.

Read More

හැරී කුමරු විසින් රචනා කළ ‘Spare’ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළ පළමු දිනයේදීම පිටපත් මිලියන 1.43ක් අලෙවි වෙමින් ලෝක වාර්තාවක් පිහිටවා තිබේ. ඒ අනුව එක්දිනක් තළ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ලෝකයේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය බවට හැරී කුමරුගේ පොත ගිනස් වාර්තාවක් පිහිටුවීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තොග මිල පහත වැටුණද දිවයින පුරා සෑම වර්ගයකම සිල්ලර මිලෙහි වෙනසක් නොමතිවීම පැවතීම බරපතළ ගැටලුවක් බව තොග වෙළෙන්දෝ පවසති.

Read More

දුම්රිය දෙපාර්තමෙන්තු සේවකයන් 394ක් විසින් එම දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි එම විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සිසුවා අද (18) නීතිඥවරයකු මගින් අධිකරණයට භාර වීමෙන් අනතුරුව පෙබරවාරි මස 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය

Read More

චීනය සිය ආර්ථිකය සීඝ්‍රයෙන් නැවත විවෘත කිරීමත් සමග ගෝලීය තෙල් ඉල්ලුම මේ වසරේ එහි ඉහළම මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. විපක්ෂයෙ විරෝධය මැද මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් අදාළ රටවල් හා ආයතන සමග කටයුුතු කිරිමට සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.

Read More

මෙරට කුරුළු විශේෂ අතුරින් 81 ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතිබව ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවසූවාය.

Read More

කොටහේන 6 වන පටුමගේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය මානව පැවැත්මට නොගැලපෙන බව හොඳින්ම දැනගෙනත්, ඔවුන් නිෂ්පාදනය පුළුල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මහලේකම්වරයා මෙසේ චෝදනා කර ඇත.

Read More

’’ෆීල්ඩ් මාෂල් තනතුර ගන්න මගේ පස්සෙන් අඩ අඩා ආවා. හමුදා මූලස්ථානය ආරක්ෂා කරගන්න බැරි හමුදාපති.’’

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහය දෙන බව ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම වෙනුවෙන් මෙය සුබදායක ලකුණක් වෙනු ඇත.

Read More

ආදරවන්තයෙකු හෝ ආදරවන්තියක අතර පවතින ආදර සම්බන්ධතාවක් බිඳී යාමෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය විනාශ වීමේ අවධානමක් මතු වන බැවින් එය වළක්වා ගැනීමට අපරාධකරු සහ ඊට ගොදුරු වන්නා වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.

Read More

වසර 60කට වැඩි කාලයකට පසු ප්‍රථම වරට චීනයේ ජනගහනය 2022 දී පහළ වැටීමත් සමග ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත්වන රට බවට ඉන්දියාව පත්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

තමන් විසින් සක්වල හරහා බස්රථ ලබා දෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට මිස කාගෙවත් ඥාති හිත මිත්‍රාදීන්ට නොවන බවත්,මේ උතුම් සත්කාරයට කුහකකම් නොකරන ලෙසත්,බස්රථ වැඩපිළිවෙළ පිළිබඳව අවශ්‍ය නම් සතියක විවාදයකට තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති ජී. එස්. විතානගේ මහතා අද (18) දින නව සභාපතිවරයා ලෙස එම අධිකාරියේ දී වැඩභාරගන්නා ලදි.

Read More

පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (17දා) ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ජා කිරීම සඳහා ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18දා) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

තනි පුද්ගලයෙකුගේ සිතැගි පරිදි ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව යටපත් කරමින් කටයුතු සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත චෝදනාවක් ඉදිරිපත් කරමින් පැවැසිය. ඒ අනුව ජනපතිවරයා ඡන්දය නොතියන අරමුණින් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවැසීය.

Read More

තීරෝද රථ රියදුරෙකුට බිරිඳ හා දරුවා ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නිලඇත්තෝ ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

Read More

’’එක පැත්තකින් කියනවා අපිට ඡන්දේ ඕන කියලා. දකින දකින වෙලාවට පස්සෙන් ඇවිත් කියනවා අපි කෑගහුවට කමක් නෑ ඡන්දේ කල් දාලා දෙන්න කියලා. ඒකනේ ඇත්ත කථාව. ආණ්ඩුවේ පනස් දෙනෙකුට වඩා කථා කරලා තියෙනවා. මේක කල් දල දෙන්න කියලා. මේ දූෂිත ඩබල් ඇක්ටින් දේශපාලනය නතර කරන්න ඕන.’’

Read More

පාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි මහතා ඊයේ (17දා) කොළඹ කොටුවේදී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කළේය.

Read More

මෙරට සංචාරයක් සදහා පැමිණි කැනඩාවේ විශ්වවිදයාලයක ශිෂයාවක් වන අයුඩෙට් බෙට්මන් අම්බලන්ගොඩ හා ඒ අවට ජනතාව ආර්ථික පීඩාවෙන් දුක්විදින අයුරු දැක ඔවුනට සහනයක් සැලසීමේ අයුරුන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර පාර්සක් බෙදා දුන්නාය.

Read More

මාස හයක් තුළ වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම තත්ත්වය පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය පවසයි.

Read More

සිහි බුද්ධියෙන් අහපු කෙනෙකුට තේරෙන්න ඕන මම කියනවා දැනට කෝච්චිය යන කාලයට වඩා විනාඩි පහයි ඉතිරි වෙන්නේ මෙකෙන් කියලා. එතකොට මේ කථා කරන්නේ ඔය කියන එල්.ආර්.ටී. මාර්ගය නෙමෙයි. කොළඹ - බත්තරමුල්ල එල්.ආර්.ටී. එක තියෙන්නේ. ජපන් ජයිකා එල්.ආර්.ටී. එක.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.