කොස්ගොඩ අද (10) උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ මත් කුඩු තොගයක් ළග තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වී තිබේ.
මේ මත් කුඩු ලග තබා ගත් තරුණයින් දෙදෙනාම කොස්ගොඩ පදිංචි අවුරුදු විසිදෙක ,විසිතුන වයස්වල පසුවන්නන් වෙයි.
ඔවුන් ළග තිබී හෙරොයින් මත් කුඩු ග්රෑම් තුන්සීයකට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ගොඩින් මෙතෙක් ඇල්ලූ වැඩිම වටිනාකමක් ඇති මත් කුඩු තොගය මේ බව කොස්ගොඩ පොලීසිය කියයි.
කොස්ගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ පොලීසියට මීටර් හාරපන්සියයක දුරක පිහිටි නිවසකින් මෙම මත් කුඩු තොගය කොළඹින් පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.