saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 429 hours ago

LATEST

පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කදවුරු බැදි 26 දෙනෙකු අධිකරණය හමුවට

calendar_today 2025 සැප් 25 - 19:25 remove_red_eye - 336  

නුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කදවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර (25) දින එම සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වර

කුරුණෑගල මැල්සිරිපුර පන්සියගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් භික්‍ෂූන් වහන්සේ හය නමක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහේස්ත්‍රාත් කංචනී නර්තනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලිසියට නියෝග කළාය.

Read More

2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබු අතර ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව විසින් අද (25) දින අධිචෝදනා භාරදීම සිදුකරනු ලැබුවා.

Read More

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා වැඩිකිරිමෙන් පසු ඉකුත් වර්ෂයේ දි (2024) අලෙවිකර තිබු ලොතරැයිපත් සංඛ්‍යාව හතලිස්හත්කෝටි,හැටදෙලක්ෂ,හතලිස්හයදහස් දෙකක් (476,246,002) දක්වා සියයට 37කින් පහත වැටි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ඉන්දුනීසියාවේ පාසල් සඳහා නොමිලේ ලබා ආහාර විෂවී රෝගාතුර වූ ළමුන් 1000ට වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කර තිබේ.

Read More

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ලබන මස පළමුවැනිදා සිට මගීන් වෙනුවෙන් ටිකට්පතක් ලබාදීම අනිවාර්ය කර තිබේ.

Read More

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවත්, කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණයක් ගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

Read More

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේවන විට සැලසුම් කර ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා දේශපාලන වේදිකාවට සුදුස්සකු වුවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට නායකත්වය ලබා දිය හැකි ජනතා නායකයෙකු නොවන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන සභාපතිවරු ඇතුළු නියෝජිතයින් පවසයි.

Read More

හතළිස් හැවිරිදි සැකකාරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

ඊයේ දිනයේදී පොලිස් වසම් 4ක් තුළ සිදුවූ මාරක අනතුරු හතරකින් පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ඊයේ (සැප්තැම්බර් 24 වැනිදා) පාර්ලිමේන්තු මුළුතැන් ගෙය නිරීක්ෂණය කළේය. මෙම අවස්ථාවේ දී, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මුළුතැන් ගෙය තුළ මීයන් ගැවසෙන බවත් අපිරිසිඳු තත්වයේ පවතින බවත් කළ චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාධකයක් නොතිබූ බව තහවුරු විය.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වලත් විටින් විට වැසි ඇතිවන බව අවාවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.

Read More

අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් අද (25) අලුයම මුහුණ මුහුණ ගැටීමේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පළාත් 9ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සෘජුවම කරුණු කීම සඳහා පොලීසිය විසින් නව දුරකතන අංක 9ක් හඳුන්වාදී තිබේ.

Read More

පාතාල කල්ලි නායකයෙකු වු රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී 56 වර්ගයේ ගිනි අවි තුනක්,මැගසිනයක් හා ජීව උණ්ඩ තිහක් සමග ඊයේ (24) සවස වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් වීශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ ඇති තමන්වහන්සේලාගේ භාවනා කුටි වෙත කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවකින් වැඩම කරමින් සිටියදී එම ඩක්කුව කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත්ව තිබේ.

Read More

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.

Read More

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.‍ මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.‍

Read More

විදේශ රැකියාවක නිරතවන ශ්‍රි ලාංකික ශ්‍රමිකයෙකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා ගෙවීම් කරනු ලබන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව නම්කර තිබේ.

Read More

ලෝකයේ දීර්ඝතම ගුවන් ගමනට හිමි වාර්තාව සමන් සතු කර ගැනීමට චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවය සැලසුම් කර තිබේ. ඒ අනුව එම ගුවන් සේවය මේ වසර අවසානයේදී චීනයේ ෂැංහයි සිට ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

සැප්තැම්බර් මස 01 දා සිට 21 දා තෙක් වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 111823ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

කොළඹ මහනුවර මහා මාර්ගයේ පස්යාල මුරුතවල වංගුවේදී යතුරු පැදියක් ටිපර් රියක ගැටීමෙන් බරපතල තුවාල ලත් පොලිස් කොස්තාපල්වරයකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත්, මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

විගමනික ශ්‍රමිකයින් ඇගයිම සදහා සංවිධානය කොට තිබු විගමනික හරසර වැඩසටහන සදහා රුපියල් මිලියන 63ක මුදලක් වියදම්කොට තිබුනද උත්සව අවස්ථාවේ ලබාදුන් ආහාරපාන හැර ශ්‍රමිකයින්ගේ ඉදිරි සුභසාධනය සදහා ස්වයං රැකියා හෝ වෙනත් ප්‍රතිලාභ ලැබි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

මේ අතර විදුළි බල මණ්ඩල සියලු සේවකයන්ගේ නිවාඩු වහාම ත්‍රියාත්මක වන පරිදි අවලංගුකර ඇත.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.

Read More

රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග 09/24 දින ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.