ඇහැලියගොඩ OIC වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - දිවි නසා ගත්තාද? වෙඩි තැබුවාද? යන්න ගැන සැකයක්
ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසිය පැවසුවේය.
පොලිස්ථානාධිපතිවරයා නැවතී සිටි නිලනිවස තුලදී ඔහුට වෙඩි වැදී ඇති බව ද පොලීසිය කියයි. හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇති බව ද පොලිසිය පැවසුවේය.
මෙසේ වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ ප්රියංකර ද සිල්වා යන ප්රධාන පොලිස් පරීක්ෂකවරයා කලුතර ප්රදේශයේ පදිංචිකරුවෙකි. හතළිස් දෙවැනි වියේ පසු වු දෙදරු පියකු බව ද පොලිසිය පැවසීය.
වෙඩි වැදී තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයා අලුයම් කාලයේදීම ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙක් පැවසුවේය.
මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර පරික්ෂණ පවත්වන බව ද ඇහැළියගොඩ පොලසීය පැවසුවේය.
අජිතලාල් ශාන්ත උදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
