ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රීන ලංකා රුපියල තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කරයි. මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 343.97 ක් විය. එහි විකුණුම් මිල 356.73 ලෙස සටහන් විය.
කරුවලගස්වැව එගොඩපිටිය පෙරියවිල්ලුව වැවේ මඩේ එරි ගොඩ ඒමට නොහැකි වු තනියා නැමති සද්ධන්ත වල් අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව කරුවලගස්වැව වනජීවි නිළධාරින් පවසයි.
Read Moreආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අවදානමක සිටින ගැබිනි කාන්තාවන් ලබාදීම වෙනුවෙන්න් හදිසි අවශ්‍ය පෝෂණ අතිරේක ටොන් 2ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකෙයාර්ස් ආයතනය කටයුතු කර තිබේ. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ඉල්ලීමකට අනුව ඇමෙරිකෙයාර්ස් ආයතනය මෙම පරිත්‍යාගය කර තිබේ. එම ආයතනය සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන ආයතනයකි.
Read Moreදොලොස් හැවිරිදි දැරියක් දූෂණයට කර ගැබිනියක් බවට පත්කල පුද්ගලයෙකු සැකපිට පෙරේදා(01) සවස හොරොව්පොතාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
Read Moreසීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයකු සතුව තිබූ ටී56 රාජකාරි ගිනි අවිය සහ පතුරම් 60 ක් අඩංගු ගැබ් දෙක සොරාගත් බව කියන එම කඳවුරේ ම ගුවන් භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
Read Moreඊයේ (1) රාත්‍රී 8.15 ට මඩකලපුවේ සිට කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබූ නාගරාන්ත්‍ර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනා ගාරය (ආපන ශාලාව) සෞඛ්‍ය අංශ විසින් හදිසියේම වටලා ඇත.
Read Moreපෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයක් 107 639ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreලංකා සීනි සමාගමට අයත් සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා 2022 වර්ෂයේ ඉපැයූ ලාභයෙන් රුපියල් මිලියන 350 මහා භාණ්ඩාගාරයට පිරිනැමීමට පියවරගෙන ඇත
Read Moreක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක් කළ නව නියෝග සහ රෙගුලාසි අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගියදා (27දා) පැනවූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ක්රීීඩා අමාත්යුවරයා ශ්රේිෂ්ඨාධිකරණයට යාමට සැරසෙන බව ක්රී ඩා අමාත්යාංහශ ආරංචි මාර්ග පවසයි.
Read Moreවත්මන් පාපන්දු පරිපාලනය යළිත් දෙදරා ගොස් තිබේ. ඒ මේ වන විට එහි විධායක සභාවෙන් 04ක් ඉල්ලා අස්වීම හේතුවෙනි. මේ හේතුව නිසා විධායක සභාවේ ගණ පූර්ණයද අහිමිව ගොස් ඇති අතර, බොහෝදුරට පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි වරටත් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර අද (02දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
Read Moreදැඩි ණයබරකට මුහුණ දී ඇති රටවල්වලට “ඵලදායි ආකාරයකින්” උපකාර කිරීම සඳහා ගන්නා ලබන බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘත බව චීන අගමැති ලී කෙකියෑන් පවසයි.
Read Moreඑක් පාපන්දු ලෝක කුසලානයක වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් සිය දිවි ගමනට සමුදී ඇත. ඒ සිය දිවි ගමනේ 89වැනි කඩඉමේදීය.
Read Moreසිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreචීන සංචාරකයන්ගේ පැමිණීම යළි ආරම්භ කරමින් 2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයන් පිරිස විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඊයේ (01දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72වැනි සංවත්සරයට සමගාමීව 24වැනි වරටත් සංවිධානය කරනු ලබන %ගුවන් හමුදා පාපැදි සවාරිය^ අද (02දා) පෙ.ව. 8.30ට ආරම්භ වන අතර, අද දිනයේ එහි ගමන් මාර්ගය වනුයේ කොළඹ, පෑලියගොඩ, වත්තල, ජාඇල, ගම්පහ, මිරිස්වත්ත, නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල හරහා මහනුවරයි.
Read Moreපාර්මේන්තුව මාර්තු 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට අද (01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreඅයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහතා පැවැසීය.
Read Moreඇතැම් වෘත්තීයන්හි නිරත පිරිස් තම ආදායම් සඟවා බදු ගෙවීම් පැහැර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
Read More2026 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2300ක් ජාතික විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreසුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවෙකුට අද (01) දින පහර දි බරපතල ලෙස තුවාල සිදු කර ඇති බව බගවන්තලාව ටින්සින් වතුයායේ වතු පාලන අධිකාරිය පැවසිය.
Read Moreමරදගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළඳ කුටි 115හි ඉදිකිරීම්වල ඉතිරි වැඩ අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොළඹ හා මුම්බායි අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට විස්තාරා ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව සතියකට දින හතරක් කොළඹ හා මුම්බායි අතර එම ගුවන් සෙවය ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සඳුදා, බදාදා, සිකුරාදා හා ඉරිදා යන දිනයන්හි මෙම ගුවන් සේවය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreමෙවර අයවැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන මැතිවරණයට ලබාදෙන ලෙසට විපක්ෂය ඊයේ (28) කතානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නැයි ආණ්ඩුවේ සියළුම පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇති ටිකට් මැෂින් ප‍්‍රමාණයෙන් සියයට 40ක් පමණ ක‍්‍රියාවිරහිතව ඇති බව පෙබරවාරි මස 28 වන දින ජාතික විගණන කාර්යාලයේ විගනන නිලධාරියෙකු සමඟ කරන ලද විමසීමකදී එම නිලධාරියා ප්‍රකාශ කරන ලදි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අමතරව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 351.72 ක් විය.එහි විකුණුම් මිල 362.95 ලෙස සටහන් විය. මේ අතර ඊයේ (28) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 357.68 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 366.92 ක් ලෙස සටහන් විය.
Read Moreපොලිස් නිලධාරීන් බව හඟවා මෙරට පුරවැසිභාවය හිමි එංගලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ සහෝදරයාට මඩපාත තුඩුව පාර ප්‍රදේශයේ දී අමානුෂික පහරදුන් බව කියන කණ්ඩායමේ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
Read Moreපාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
Read More