යුධහමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා අද (20) කළුතර දී ජාතික ජන බළවේගයේ වේදිකාවට එක්විය.
කළුතර මැතිවරණ කොට්ඨාශයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය විසින් කළුතර දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආසන හමුවේදී මෙසේ වේදිකාවට එක්විය.
එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා අදහස් දැක්වීය.
"අපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට. ඒ නිසා අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යුධහමුදාවේ මාණ්ඩලික ප්‍රධානි වරයෙක් මීට පෙර මෙහෙම කතා කරල නෑ. මම මෙතනට ආවේ යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මට රට ගැන ඇත්තේ රට ගැන කණගාටුවක්, මොකද දැන් මේ රට අනාගතයක් නැති රටක් වෙලා.
ඒක දැක්කම මට තියෙන්නේ එකම කණගාටුවක්. අපි එදා යුද්ධය තිබ්බත් මරණය දැක දැක යුද්ධය කලත් සතුටින් ඒක කලා. ඒක අපි ජීවිත පරිත්‍යාගයෙන් කලා. ඒත් යුද්ධයෙන් පස්සේ අපි බලාපොරොත්තු උනේ.මේ වගේ රටක් නොවෙයි. අපි බලාපොරොත්තු උනේ සාධාරණ සමාජයක්, උසස් ආර්ථික තත්ත්වයක්, යහපත් විශ්‍රාමික ජීවිතයක්. අද ඒක උදා වෙල නෑ" යනුවෙන් පැවසීය .
