saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 401 hours ago

LATEST

මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා

calendar_today 2025 ඔක් 12 - 16:23 remove_red_eye - 801  

මාලිමා රජය පත් කිරීම සඳහා ඡන්දය භාවිත කළ ඇතැම් පිරිස් මේ වන විට රජයෙන් ඈත් වෙමින් සිටින බවත් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදුණු තවත් පිරිස් රජයට එක්වෙමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රයේ ඇති සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහලින් හමුවු ජීව පතොරම් වලට අමතරව පොලිසිය සිදුකල වැඩිදුර මෙහෙයුමක දි අද (12) යළි ජීව පතොරම් 715 ක් සොයාගත් බව නාඋල පොලිසිය කියයි.

Read More

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (12දා) පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කළාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා 10/12 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

මෙම වසර තුළදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනයේ පැවැත්වෙන අන්තර්ජාතික කාන්තා සමුළුවකට සහභාගී වීම සදහා 10/11 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

Read More

රජයේ රෝහල් සදහා ඉකුත් වර්ෂයේ (2024) නිකුත්කොට තිබු වෛද්‍ය සැපයිම් අතුරින් රුපියල් හාරසිය විසිඑක්කෝටි, තිස්තුන්ලක්ෂ, හතලිස්අටදහස් පන්සිය තිස්නමයක (4,213,348,539) වටිනා ඖෂධ ශල්‍යා හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්විම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

2025.10.11 වන දින උදෑසන කාලයේ වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහල මහලේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බවට වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 55 ක් වූ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත යටතේ හිටපු ජනපතිවරුන් යළි භාර දුන් වෙඩි නොවදින රථ නැවත ලබාදෙන ලෙස හිටපු ජනපතිවරුන් දෙදෙනෙක් ඉල්ලීම් කර තිබේ.

Read More

මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකානු ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ සියයට 6.8ක් වූ විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් වූ යෝජනාවට අදාළ මහජන උපයෝගීතා කොමිෂමේ තීන්දුව ලබන 14 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. විදුලි බිල සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම මේ වන විට අවසන් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 07 වැනි දින කල්පිටිය කිඹුල්බොක්ක කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්‍ෂීන් එකසියපනහක් (150) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

මැලේසියාවේ පැවති 22 වැනි අන්තර්ජාතික විද්‍යා - ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 13 න් පහළ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙරට ශිෂ්‍ය කණ්ඩායම , එහිදී රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 15 ක් දිනා ගෙන 10/10 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Read More

රටතුළ මහත් ආන්දෝලනයට ලක්ව තත්ත්වයෙන් අසමත්විම් නිසා භාවිතයෙන් ඉවත්කරණු ලැබු හියුමන් ඉමියුනොග්ලොබියුලින් (human immunoglobulin ) සහ rituximab යන ප්‍රතිදේහ ඖෂධ දෙක මිලදි ගැනිමට අදාළව රුපියල් දහඅටකෝටි තුන්ලක්ෂ හැටහයදහස් හයසිය අනුහතක් (180,366,697) වු පිරිවැය හා සියයට විසිපහක් වු පරිපාලන වියදම් අදාළ සැපයුම්කාර සමාගමෙන් අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.

Read More

නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ප්‍රකට දේශපාලකයන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් සති අන්තයේ කොළඹදී පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

Read More

වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසද, වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3 කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දන්වා සිටි.

Read More

ගාසාහි සාමය සඳහා වන ගිවිසුමේ ආරම්භක අදියර ශ්‍රී ලංකාව පිළිගන්නා බවත් කලාපයේ පුළුල් හා දීර්ඝ කාලීන සාමය සහ ස්ථාවරත්වය සඳහා වන තීරණාත්මක අවශ්‍යතාව අවධාරණය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’අමාත්‍ය මණ්ඩලය පත් කරලා යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට අපි කළ චෝදනාව පිලිගැනීම ගැන ජනාධිපතිතුමනි ඔබට බොහොම පිං.’’

Read More

මහජන චීන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනාවකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 12 සිට 15 වැනි දින දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

Read More

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝට හිමිව තිබේ. ’’වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය කළ කළ සේවය සහ ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇයගේ අරගලය වෙනුවෙන්’’ මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් සාම ත්‍යාග කමිටුව X හි සටහනක් තබමින් පවසයි.

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/9) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ජා කිරීම සිදු විය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් SVAT ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) කාරක සභාව දැනුවත් කිරීම සිදු කළ අතර එහිදී පැන නගින ගැටලු නිරවුල් කර ගැනීමද මේ අනුව සිදු විය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට සහ ස්වාධින බලශක්ති නිෂ්පාදකයින් වෙත රුපියල් බිලියන 14.3ක ණය මුදලක් 2024 වර්ෂයේ අවසානය වනවිට ගෙවිමට තිබු බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

2024 වසරෙදී මානසික සෞඛ්‍ය ගැටලුවලට ලක්වූ රෝගීන් 37,000කට ආසන්න ප්‍රමාණයක් වාර්ථා වන බවද ඒ මහතා එහිදී කියා සිටියා.

Read More

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝප‍රේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය සමග 2024.07.01 දින අත්සන් කරන ලද ගිවිසුම සංශෝධන සහිතව යාවත්කාලීන කර එහි නව ගිවිසුම සඳහා අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (09) දින සිදු විය.

Read More

අඩු ආදායම් ලාභින්ට සහල් බෙදාදිම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සහල් මිලදි ගැනිමේ දි සහල් කිලෝග්‍රැම් 01ක් සදහා ආසන්න වශයෙන් රුපියල් 10ක් ලෙස රුපියල් එක්කෝටි, පනස්ලක්ෂ, හැත්තැහයදහස් අටසියයක (15,076,800) අනිතික ලාභයක් උපයාගැනිමට බාහිර පාර්ශවයකට ඉඩ සලසා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත

Read More

මේ දිනවල දෙහි කිලෝවක් රුපියල් 3000-3500 අතර සිල්ලර මිලට අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.