ශ්රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 07 වැනි දින කල්පිටිය කිඹුල්බොක්ක කලපු ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්ෂීන් එකසියපනහක් (150) රැගත් ඩිංගි යාත්රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2025 ඔක්තෝබර් මස 07 වැනි දින වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනෛ නාවික අනුඛණ්ඩයට මඟින්, කල්පිටිය කිඹුල්බොක්ක කලපු ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්රාව මඟින් නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ආ පක්ෂීන් එකසියපනහක් (150) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ක් සහ 39ක් වන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්රාව සහ පක්ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.
