මහජන චීන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනාවකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 12 සිට 15 වැනි දින දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.
සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සමුළුව එක්ව සංවිධානය කරන, "කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම" අමතමින් "පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්" යන තේමාව යටතේ බීජිං හිදී කථනයක් පවත්වනු ඇත.
අග්‍රාමාත්‍යවරිය, චීන ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී ච්‍යං යන මැතිවරුන් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ රැස්වීම් පැවැත්වීමටද නියමිතය.