මෙම වසර තුළදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මලයගම් ප්රජාවේ ප්රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්රදානයේ කිරීමේ උත්සවය අද(12දා) බණ්ඩාරවෙලදී පැවති අතර, එහිදී උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.