saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3955 hours ago

LATEST

ලිට්‍රෝ මිලත් දැනෙන්ම අඩුකරයි

calendar_today 2023 අප්‍රේ 04 - 10:35 remove_red_eye - 1000  

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,005කින් අද මධ්‍යම රාත්‍රියේ අඩුවන බව ලිට්‍රෝ ලංකා සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව සිල්ලර මිල රුපියල් 3,728 කි. මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 402 කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 1502 කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබු ඉපැරණි කෞතුක භාණ්ඩ තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

Read More

2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසි සේත්ම බලාපොරොත්තුවක් නැහැ

Read More

ආසියානු සංවර්ධන බැංකුව හරහා ගැන්සයික්ලෝවියන් (Ganzyclovien) නැමැති ප්‍රතිවෛරස එන්නත හා ලිනොසොලිඩ් ( Linezolid) නැමැති ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කිරීම පමණක් සිදු කර ඇති බැවින් එම ඖෂධ මිලදී ගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රගතිය ඇගයීමට ලක් කළ අතර අනෙකුත් ජාතික විශ්ව විද්‍යාල නවීකරණය සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් ද සම්පාදනය කරන ලෙස උපදෙස් දුන්නේය.

Read More

විදේශ රැකියා සහ ශ්රසමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පසුගියදා (22) ඒකමතිකව පත් කරනු ලැබීය.

Read More

දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව එයින් ඉතාමත් වේගයෙන් ප්‍රකෘතිමත් වන රටක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද දින (03) පැවැත්විනි.

Read More

පිටිගල කරුවලතොට , පොරවගම ප්‍රදේශයේ කිතුල් මල් කැපීම සඳහා කිතුල් ගසට නැග සිටියදී පුද්ගලයෙකු අද (3) කිතුල් ගහේ සිටියදීමිය ගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි.

Read More

පුත්තලම දිස්ත්‍රික්ක පුරා මෙවර ප්‍රදේශ රැසක කහ වගාව සාර්ථක කර සරු අස්වැන්නක් නෙළමින් පැවතියද සාධාරණ මීලක් නොමැති විමේන් කහ වගාකරුවන් අසරණ වී ඇති බව ඔවුන් පවසති.

Read More

ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රු. 1000ක පමණ අගයකින් හෙට මධ්‍යම රාත්‍රි යේ සිට අඩුකිරිමට නියමිතය.

Read More

වැල්ලවත්ත මුහුදු පාරේ දුම්රිය පොළ ආසන්නයේ හිටිහැටියේ ගිලාබැසීමක් සිදු වූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

හය වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නඩු විභාගය අතරතුරදී විත්ති වාචක නෙකැඳවාම සියළුම චෝදනවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය.

Read More

කොළඹ අග නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

බදුල්ල ඌව විද්‍යාලය හා ධර්මදූත විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුමේ දෙවන දිනයේ තරගය ඉකුත් 01 වනදා බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී එම ක්‍රීඩාංගණයට නුදුරින් පිහිටි කසල අංගන පිටියේ සෆාරි ජීප්රථයක් අනතුරට ලක්වීමේ ජීවිතක්ෂයට පත්වූ බදුල්ල ධර්මදූත විදුහලේ සිසුන්ගේ දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.කේ.බී. විජේතුංග මහතා විසින් 02 දා සිදුකර තිබේ.

Read More

කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

Read More

සෞදි අරාබිය ඇතුළු ඔපෙක් නිෂ්පාදකයින් සිය නිෂ්පාදනයන් කප්පාදු කිරීමට තීරණය කිරීමත් සමගින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

Read More

ගෙදර එන්න රෑ වුනොත් මහල් නිවසේ ජනේලයෙන් සිය නිවසට ඒමට පුරුදු වී සිටී එක්දරු පියෙකු සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ තුන් වෙනි මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව අඟුලාන පොලිසිය පැවසීය.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

නීතිඥවරියන්ගේ ඇඳුමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය වෙනස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

Read More

තලෙයි මන්නාරම උතුරු මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 67 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් ඊයේ (02) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

ඩීසල් මිල පහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නො කොට වැඩිපුර ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .

Read More

ඩෙංගු හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1350 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් අධිකරණයෙන් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රන්ජන මහතා පැවසීය.

Read More

ගිලෙන නැවට ගොඩ වෙන්නට තරම් මෝඩ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සජබට එක්වීමට නියමිත බවත් ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා දී ආසන සංවිධායක ධූරද ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ගල්ගමුවේ දී පැවසීය.

Read More

ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.