ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් බවට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන සහතික කරනු ලැබු නමුත් වන විට එම තත්වය වෙනස් වී සරම්ප රෝගීන් බිහිවෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය .
2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළින් සරම්ප රෝගීන් 700කට අධික පිරිසක් වාර්තා වී ඇති බවත් එයින් 26 දෙනෙක් ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් බවත් එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය .
ශ්‍රී ලංකාවේ ශක්තිමත් හා දැවැන්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා තුරන්වී ගිය සරම්ප රෝගය නැවත හිස එසවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දෙමව්පියන් දරුවන්ට නිසි අයුරින් එන්නත් ලබා දීමට නොපෙළඹීම හේතුවෙන් බවත් සරම්ප රෝගයෙන් වැළකීමට ඇති එකම ක්‍රමය නම් එන්නත් ලබාදීම බවත් ඒ මහතා සඳහන් කළේය.
මෑතක සිට ශ්‍රී ලංකාව තුළ ද එන්නත් ප්‍රතික්ෂේප කරන්නන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන හෙයින් ලංකාවෙන් තුරන් කළ සරම්ප වැනි වසංගත රෝග යළි පැතිරීමට හේතු වී ඇතැයිද ඒ මහතා පැවසීය.
ජේ. ඉඳුරුවගේ