ලංකාවේ සංචාරයකට පැමිණි ස්විස් තරුණිය මරුට
ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා නෙදර්ලන්ත ජාතික පෙම්වතකු සමඟ මෙරට පැමිණ ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්ව්ස්ටර්ලන්ත ජාතික විදේශික තරුණියක් හදිසියේ රෝගී වී අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (5) දහවල් මියගිය බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ එලිනා ටනාල් නැමති 28 හැවිරිදි විදේශීය තරුණිය බවද පොලිසිය කීය .
මැය පසුගිය දෙසැම්බර් මස 31 වන දින සිය නෙදර්ලන්ත ජාතික පෙම්වතා සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ නුවරඑළිය , මහනුවර සංචාරය කර පසුව ඊයේ (4)ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට පැමිණ මෙම පෙම්යුවල ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නතර වී ඇතැයි පොලිසිය සදහන් කලේය .
එසේ නවාතැන් ගෙන සිටියදී මැය හදිසියේ අසනීප වී දියතලාව රෝහලට රාත්‍රි ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවිමෙන් අනතුරුව මියගිය බව පොලිසිය පැවසීය .
මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

