saravita-anim2

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

Latest News - timelapse 3413 hours ago

LATEST

ඇමති රොෂාන්ගෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

calendar_today 2023 නොවැ 27 - 07:49 remove_red_eye - 417  

තමන්ට චෝදනාවක් ගොනු කිරිම වෙනුවෙන් කල්ලියක් කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

සිය කණ්ඩායමේ තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ නම්ද ඇතුළත් කර ගැනීමට මෙවර අයි.පී.එල්. කිරුළ හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

සීදූව පොලිස් වසමේ සිදු වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි. අද (26) දා උදෑසන 11.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණි. මෙලෙස වෙඩි වැදී තිබුණේ සීදූව කොටුගොඩ කසගහවත්ත පුබුදු මාවතේ පදිංචි දිනේෂ් ප්‍රියසාද් සිල්වා (36) නැමැති අයෙකුටය.

Read More

2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර තිබේ. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ වියදම 2022දී 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල මිලියන 705.7ක් දක්වා අඩු කර ඇත.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් පන් කෝටි 5 කට අධික මුදලක් හා රන් පැහැති අත් පළඳනාවක් සමග සැකකරුවකු හා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ මවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි වයස අවුරුදු 34 හා 67 අතර පසුවන සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම හා අලුබෝමුල්ල පමුණුගම ප්‍රදේශයේ දීය. ඔවුන් සමග රුපියල් 51,112,900/= මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

නව පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) දින බොහෝ දුරට පත් කරනු ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

තම නිවසේ නාන කාමරයේ වැටී තරුණියක් මිය යාම, සැකකටයුතු මරණයක් බවට පත්වීම නිසා අදාල සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙනස් මගකට යොමු වී ඇතැයි වත්තල පොලිසිය පවසයි.

Read More

ජපන් ජාතික කාන්තාවක් කොල්ලුපිටිය හෝටලයක් තුල දී අතවර කළ බව කියන සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි

Read More

පන්නිපිටිය මාලපල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාළයේ නාන කාමරයක් තුළ දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කොට්ටාව පොලිසිය පවසයි .

Read More

තිස්වසරක යුද්ධයෙන් පීඩා වින්දා සේ මේ වන විට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් රට පීඩා විදින බවත් ඉන් රට ගලවාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

මේ අය ඉල්ලන ඉල්ලන ගණන් දෙන්න රජයට බෑ,අප්‍රිකාවේ ඉන්න හෙදියන් 957ක් ඉන්නේ එංගලන්තයේ ඒ රටේ ඉන්න අයටත් ලැබෙන වැටුප මදි ඒ හැම දේටම තෘෂ්ණාව තමයි මුල් වෙන්නේ අද පයිලට්ට ලැබෙන රුපියල් මිලියන 4.5ක මුදලත් මදි කියලා වෙන රට වලට යනවා. මේක තමයි තෘෂ්ණාව කියන්නේ,ලද දෙයින් සතුටු වෙන්නෙක් නෑ අද දේශපාලන වැකිය තමයි රට එපා වී විදේශ ගත වන බව කීම. මම ඒකට එකග නෑ රටවල් වලට යන්නේ තෘෂ්ණාව නිසයි එහෙම ගිහින් දුක් විදිනවා. අපි අපේ රටේ වෛද්‍ය විද්‍යාල වලින් ගුණාත්මක ‍වෛද්‍

Read More

මීට අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය තැත්කල බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි .මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත් දිනන්නට නොහැකි යැයි කියූ තිස්වසරක යුද්ධය අවසන් කර රට සංවර්ධනය කල නායකයා බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා විසින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතු බවට සිදුකරන අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ගැන මාධ්‍ය ම

Read More

චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත 11/25 දින පිටත් වීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන, එම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින එම රෝහලේදි පැවැත්විණි.

Read More

කෘෂි අපනයන ආර්ථිකය ශක්මත් කර රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානයක්. මාතලේ දිස්ත්‍රික්කය කෘෂි දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනයට සැලසුම්. කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්. මුදල් වැය කිරීම මෙන්ම මුදල් එකතු කිරීම පිළිබඳවද දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී යෝජනා ලබා දෙන්න.

Read More

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපල තුලදී 26 වෙනිදා අලුයම 2.10 ට පමණ වන අලියෙකු පහරදීමෙන් එම කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය කියයි.

Read More

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රජය ලහි ලහියේ ගෙන එන ජල කළමනාකරණ පනත ජනතාව එක්ව වහාම නවතා නොගත්හොත් ඉදිරියේදී ගොවිපලවල් වලට කුඹුරට ජලබිල එන එක නවතා ගන්නට නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

Read More

නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් කළේය.

Read More

බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවත්, එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ ‌දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read More

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී අද (24) අළුයම පොළඟෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිළිඳෙකු ඉතා ඛේදජනක ලෙස මිය ජිවිතක්ෂයට පත්වේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය නොඳුන් බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ අඹු සැමි යුවළක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදුලි බල මණ්ඩලය ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත මහජන මුදල් සූරාකෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (24දා) 2024 විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

Read More

ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් – ජනපති අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.