saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3371 hours ago

LATEST

පන්සලේ ඉදිකිරිමට විරුද්ධව ලිපි යැවූ සෙන්දිල් තොණ්ඩමණ්ට පිළිතුරු ලිපියක්

calendar_today 2023 අගෝ 14 - 09:43 remove_red_eye - 1604  

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුණ්‍ය භූමියක ඉදිකිරිම් නවත්වන ලෙස ප්‍රාදේශිය ලේකම් මැදිහත් කරගෙන ජාතිවාදි, ආගම්වාදි, අන්තවාදි ආර්.සම්බන්දන්ගේ ඉල්ලිමට කටයුතු කිරිම පිලිකුලෙන් හෙලා දකින බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට ලිපියක් යවමින් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදිය අසළදී කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී පෙරළී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

Read More

පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැහැ සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා – ජනපති මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයේ දී කියයි.

Read More

“අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා. ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ.”

Read More

පියාගෙන් චෝදනාවක්!දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර කල්ලන්චිය රෝහලේ සිට අසාධ්‍ය තත්වයෙන් ගිලන් රථයක් මඟින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ආ තම බිරිඳට දරුවා ප්‍රසූත වන අවස්ථාවේදී, සූතිකාගාරයේ සිටි රෝහල් කාර්යය මණ්ඩලයට දරුවා අල්ලා ගැනීමට නොහැකි වී බිම ඇද වැටී, දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තම දරුවා අද (13) ජීවිතක්ෂයට පත්වූ බවත් මිය ගිය තම දරුවාට රෝහලේදී පාංශුකූලය ලබා දීමට රෝහල් බලධාරීන් ඉඩ නොදුන් බව එම දරුවාගේ දරුවගේ පියා පවසයි.

Read More

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය හැදෑරූ සිසුවියක තම අස්වීම් සහතිකය ලබා ගැනීමට පාසලට ගිය අවස්ථාවේදී එම විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු එම සිසුවිය බලහත්කාරයෙන් පාසල තුළ රඳවාගෙන බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Read More

මෙහිදී අනුරාධපුරයේ සිට මිහිනතලේ දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 12 ක දුර ප්‍රමාණයකින් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතයි. මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ , දිගුකාලීන විසල් සංවර්ධන වැඩපිළිවෙලක් ඉලක්ක කරගනිමිනි.

Read More

පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන දෙමාපියන්ට බාර දුන් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කෘෂි නවීකරණ ප්‍රතිපත්තිය අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ බණ්ඩාරවෙළ කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ ඉඳිකළ අර්තාපල් තීරුසැකසීමේ කර්මාන්තශාලාවක් ඉකුත් (11) වෙනිදා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා විසින් විවෘතකරන ලදි.

Read More

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

මුහුණු පොත හරහා සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් අටදෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලිසිය කියයි.

Read More

සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් වලස්මුල්ල ප්‍රදේශයෙන් ඊයේ (12) දින හමු වී ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තේම්න්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් 10% ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළයි බවත් ඒ අනුව දේශීය පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීමට ක්‍රමවේදයක් අවශ්‍ය බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Read More

දිවයිනේ තේ වගා කරන දිස්ත්‍රික්ක 11 තුළ මෙ වන විට තේ කම්මල් 541 ක්‍රියාත්මක වන අතර මේ අතුරින් මෙම මස වැඩිම තේ මිලක් ගෙවා ඇත්තේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය පෝ තොටුව තේ කමලයි.

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අරඹයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් (12) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කැනේඩියානු ජාතික බාල වයස්කාර පිරිමි හා ගැහණු දරුවන් දෙදෙනෙකු අපහරණය කරනු ලැබූවේ යයි කියන සංචාරක මග පෙන්වන්නකු අද (12) කොස්ගොඩදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

නිදහස් සෞඛ්‍යය සේවාව කප්පාදු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ගුණාත්මක තත්ත්වයෙන් තොර ඖෂධ භාවිත කරනවා යැයි කියමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සහ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read More
රට මැදට වැසි
12 08 2023 15:46:00
0 576

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමාවට පත් කරමින් 12වන දින සවස් කාලයේදි වැසි පතිතවිම ආරම්භව ඇත.

Read More

කූඨ ලෙස සකස් කළ චීන ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කර නෙදර්ලන්තය වෙත පැන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (12දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

තබ්බෝව අභය භුමියෙ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කීපයකට වැසි ඇද හැළුණි.

Read More

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසි සේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

Read More

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ඉන්ධන මිල තීරණය කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යයක් නොවන බවත්, සිනොපෙක් ආයතනය විසින් ඛනිජ තෙල් මිල තීරණය කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් සංස්ථාවෙන් කර නොමැති බවත් එම සංස්ථාව පවසයි.

Read More

නැගෙනහිර පළාතේ ගොවීන් විසින් වගා කර තිබෙන 44/1 වී වර්ගයෙන් විශාල අස්වැන්නක් ලැබෙන නමුත් වී කෙටීමේදී වී ඇට තුනට කැඩී යන බැවින් එවැනි වී වර්ගයක් ගොවීන්ට හඳුන්වාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබේ.

Read More

මහනුවර හා කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023-08-18 දින මධ්‍යම රාත්‍රි යේ සිට අගෝස්තු 21 දින පෙරවරු 4 චක්වා කාලසීමාව තුළ මාතලේ හා මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.