සිය බිරිඳ හා දියණිය බැහැරක ගොස් සිටියදී නිවසේ තනියම සිටි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා නිවස පිටුපස අභිරහස් ලෙස මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට කනහින්තොට පදිංචිව සිටි බෙන්තොට ඇතුන්ගාගොඩ වසම බාර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරියාවූ නිලන්ත විජේසුන්දර නැමැති 50 හැවිරිදි එක් දරු පියෙකි.
නිවසෙන් බැහැරක ගොස් සිටි බිරිඳ හා දියණිය අද සවස ආපසු නිවසට ආ අවස්තාවේ මොහුගේ සිරුර නිවසේ බිත්තියක් අයිනේ බිම තිබී හමුවී ඇති අතර ඒ බව පොලිසියට දන්වා ඇත.
ඉන් පසු පොලිසිය හා ඌරගස්මංහන්දිය හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව් .ඒ.ජයරත්න මහතා පැමිණ මූලික පරීක්ෂණ සිදුකර ඔහුගේ සිරුර ඇල්පිටිය රෝහලට ගෙන ගොස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරන පරීක්ෂණය හෙට පැවැත්වෙන බව පොලිසිය පැවසීය.
ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ජේ.ඉඳුරුවගේ )