saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3365 hours ago

LATEST

සජබේට එරෙහිව හරීන් - මනූෂ අධිකරණයට

calendar_today 2023 අගෝ 15 - 18:30 remove_red_eye - 382  

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ නතර කෙරුණු නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙමින් පැවති කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියේ සියලු කටයුතු නතරකිරීමට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව කටයුතුයොදා ඇත.

Read More

බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Read More

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

නාරම්මල ප්‍රදේශයේ විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් විසින් වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනෙකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි.

Read More

රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.

Read More

එමෙන්ම මුදල් වංචා සිදු නොකිරීමටද සියලු දෙනා වග බලා ගත යුතුයි. මුදල් වංචා සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ක්‍රියාත්මක වෙනවා.මුදල් වංචා නිසා දිනකට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලංගමට අහිමිවනවා. ටිකට් පත් වංචා සදහා ලංගමයේ හදිසි වැටලීම් ඒකකයේ ඇතැම් අයත් සම්බන්ධ බවට ලැබුනු වාර්තා නිසා පසුගිය සතියේ දී ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරියා. වංචා දූෂණ වලට සම්බන්ධ අය සදහා ආයතනික මට්ටමෙන්ද නව අල්ලස් පනත අනුවද පරීක්ෂන ක්‍රියත්මක වනවා.

Read More

යාපනය මහනුවර මාර්ගයේ මාන්කුලම් පනිච්චංකුලම් ප්‍රදේශයේදී අද (15) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 8 කට බරපතල තුවාල සිදුව ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

Read More

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09 ක් අතරින් ව්‍යාපෘති 07 ක ප්‍රගතිය 0%සිට 13.6% ක අවම මට්ටමකට පැවති බව, ජාතික විගණනය මගින් අනාවරණය කර ඇතැයි ජාතික විගණන අංශයේ නිලධාරියෙකු සමගඉකුත් 12දින කළ විමසීමක දී අනාවරණය විය.

Read More

මගීන්ට සිටගෙන යා හැකි ආකාරයේ සුඛෝපභෝගි බස්රථ සේවාවක් කොළඹ නගරය මූලික කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, වාහන ආයනයන සීමා ඉවත් වූ වහාම බස්රථ ගෙන්වීමට සැලසුම් කර තිබෙන බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

යාපනය, කල්වියන්කාඩු, ජී.පී.එස් ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අද (14) දින අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.

Read More

ඇය විසින් ලියන ලදැයි සැකකරන ලිපියක් මේසය මත තිබී හමුවී ඇති අතර එහි සදහන්ව ඇත්තේ දෙමාපියන්ට බරක් වීමට ඇකමැති බැවින් සිය දිවිනසාගත් බව යැයි . පැවසේ . මෙම දැරියගේ සොහොයුරියක් විශ්වවිද්‍යාලයකද සහෝදරයා කාර්මික විද්‍යාලයකද ඉගෙනුම ලබති .

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් ෆේස්බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. තෙන්නකෝන් මහතා Deshabandu Tennakoon යන නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබුණි.

Read More

විදුලි බිලක් නොගෙවීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් මතු වූ බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙනලෙස විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබෙන බවත්පැවසූ නාමල් රාජපක්ෂ මහතාඑවැනි බිලක් ලැබුණොත් ගෙවීමට ඇති මුදල ගෙවීමට තමන් සූදානම් යැයි ද අවධාරණය කළේය.

Read More

යාපනය, පේදුරුතුඩුව කට්කෝලම් ප්‍රදේශයේ ඉදිකොට ඇති යුද හමුදා කඳවුර කුමන හෝ හේතුවක් නිසා ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (14) එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල පත්කර තිබේ.

Read More

මුදලට තරඟ පාවා දුන්නේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පදිංචි ස්ථානයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් නීතීපතිවරයා කළ ඉල්ලීමකට අනුව සචිත්‍ර සේනානායකට විදේශ ගතවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.

Read More

බෙන්තොට ප්‍රා දේශීය සභා කීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර එම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර අද (14දා) අලුයම්කාලයේ ඇතිවූ ගැටුමක් සමතයකට පත්කිරීමට යැමේදී එම තරුණයින් විසින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකොට ඇති බව බෙන්තොට පොලීසිය කියයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ දරුවා ඇඳෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත් වූවාද, වැටෙන කොට අල්ල ගත්තාද කියන කාරණාව හරියටම කියන්න වෙන්නේ එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් බවත්, මේ වන විට සිදු කළ සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලය අපරික්ෂාකාරීව කටයුතු කර නොමැති බව අනාවරණය වූ බව අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.

Read More

මේ දිනවල බලපා ඇති වියලි කාලගුණික තත්වය හා සුළං හේතුවෙන් කෙසෙල් වගාවන් වැනසීමේ තර්ජනයකට ලක්ව.ඇති බව කුරුණෑගල දිසාවේ ගොවීන් පවසති.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පිරිසක් දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයෙකු ඝාතනය කර පලා ගොස් ඇතැයි දොඩම්ගොඩ පොලිසිය සඳහන් කරයි.

Read More

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඳිකළ ඩයරබා ජලාශය ජලය පුරවා විවෘතකිරීම ඉකුත් (13) වෙනිදා උදෑසන සිදුකෙරිණි.

Read More

නීති විරෝධීව මුදල් ඔට්ටුවට යතුරු පැදි තරග පැවැත්වීමට සූදානම් වූ තරුණයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඊට යොදාගත් යතුරුපැදි හතරක් සිය භාරයට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

Read More

හල්දුම්මුල්ල සොරගුණේ ප්‍රදේශයේ මහා විදුහලක් කඩා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක්, සීඩී ප්ලේයර් යන්ත්‍රයක්, ඇතුළු රුපියල් එක් ලක්ෂ පනස් දෙදහසක් වටිනා දේපළ සොරාගත් එම පාසලේම ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යයෙක් වූ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බව කියන යුද හමුදා සෙබළෙකු අද (14දා) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.