ගාල්ලෙන් ඇවිත් ඉබ්බන්කටුවේ අවසන් ගමන් යයි
දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල හල්විටිගල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු දාසයක් වූ සමිඳු නෙත්මිණ නැමැති පාසල් සිසුවෙකි
තම පුංචි අම්මා මිත්තණිය කුඩා මලනුවන් සමඟින් අනුරාධපුරයේ වන්දනාවේ යන අතරතුර සීගිරි ගලේ ගොස් මෙම පිරිස ඉබ්බං කටුව ජලාශයේ ඉතා අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ස්ථානයේ විදුලි බලාගාරයට ජලය සැපයෙන ප්රධාන හැරවූම පිහිටා ඇති අතර එම ස්ථානයෙන් දිය නෑම සඳහා මිත්තණිය පුංචි අම්මා මලනුවන් සමග වැවට බැසීමත් සමඟින් මෙම පාසල් සිසුවා දිය වැලට හසු වී ගසාගෙන ගිය බව මිත්තණිය සඳහන් කළාය.
පසුව දඹුල්ල පොලිසියේ ජීවිත ආරක්ෂක ඒකකයේ කණ්ඩායම පැමිණ කිමුදුම් කට්ටල යොදාගෙන පැය දෙකකට පමණ පසුව සිසුවාගේ මළ සිරුර ගොඩ ගැනීම සිදුකරන ලදී
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ පරීක්ෂණය පවත්වති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
