දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මම සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගළපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.
යුද්ධය පැවති සමයේත් අප රටේ ආර්ථිකය ශක්තිමත්ව පැවතුණා. යුද්ධය පැවති වකවානුව තුළත් අප ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අද අපට හිමිකාරිත්වය සහ නියාමනය යන දෙයාකාරයෙන්ම රජය විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි.
Read Moreඋමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව මෙ වන විට මුහුණ දී තිබෙන මූල්‍ය ගැටලුව විසඳීමට චිනය සෑම අවස්ථාවකදිම සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය. චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreපාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සත්කාරකත්වය සපයනු ලබන 2023 ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවියේ පළමු අදියර අද (17) පකිස්ථානු සම්මත වේලාවෙන් මධ්‍යහන 12 සිට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12:30) ආරම්භ වන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය කියයි.
Read Moreඉඩම් ආරවුලක් හේතුවෙන් බාල සහෝදරයා විසින් සිය වැඩිමහල් සහෝදරයාට තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreසමනල වැව විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු නතර වුව ද අනෙකුත් විදුලිබලාගාරවලින් හා හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි බවත්, විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreකහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමු වූ නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43කට අද (16දා) වෙන්දේසියේදී අලෙවි කෙරිණි.
Read Moreමෙරට වෛද්‍යවරුන් විදෙස්ගත වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ ඒකාබද්ධ සාකච්ඡාවක් සියලු වෛද්‍ය වෘත්තිය සමිති සමග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තීරණය කර තිබේ. ඒ අනුව එය එළඹෙන සතියේ මැද පැවැත්වීමට තමන් කටයුතු කරන බව ඔහු ’අද’ට පැවසීය.
Read Moreවාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය වඩාත් පුළුල් කරමින් දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා කියයි.
Read Moreකොළඹ මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ඊයේ(16දා) සවස ගින්නක් හට ගැනුණි. මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණීය තර්ජනය කළ බව පවසමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .
Read Moreමිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුලදි මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවිමට (16) දින බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය.
Read Moreබොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එද අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත් ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒකීය සෛරී රටක් භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් මේ සියල්ල අද වන විට තර්ජනයට ලක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඑතුමාට අනුව 2009 යුද්ධ්‍ය අවසන් වන විට හමුදා කඳවුරු පිහිටි යාපනයේ ඉඩම් ප්‍රමාණය අක්කර 26,812ක්. මේ වන විටත් එයින් අක්කර 22,919ක් නිදහස් කරලා ඉවරයි. ඒ කියන්නේ යුදමය අවශ්‍යතා හමුදා සතු කරගෙන තිබුණු ඉඩම් වලින් 85%ක්ම දැනටමත් නිදහස් කර ඉවරයි. දැන් හමුදාව සතුව තිබෙන්නේ උතුරු පලාතේ ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය කරන හමුදා කඳවුරු පවත්වාගෙන යාමට අදාල ඉඩම් පමණයි. නමුත් ජනාධිපතිතුමාගේ බලපෑම මත තවත් අක්කර 377ක් ඉදිරි මාස හය ඇතුලත නිදහස් කරන්න හමුදාව
Read Moreහෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය කන්ද උඩරට ඇසළ පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට කන්ද උඩරටට කප වැඩමවීම අද (16) පෙරවරුවේ සිදු විය .
Read Moreපසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහල ගිය මාලු මිල මේ වන විට විශාල ලෙස පහල බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් මහතා අද (16දා) දින ධීවර අමාත්‍යංශයේදි වාර්තා කලේය.
Read Moreකන්න රැස්වීම්වලදී ගන්නා ලද තීන්දු තීරණ අනුව වගා කටයුතු සිදුකිරීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ වී වගාවට නියගයෙන් හානිසිදුව නැති බව පසුගිය 15 වෙනිදා පැවැති දිස්ත්‍රික් කෘෂීකර්මකමිටුවේදි අනාවරණය විය.
Read Moreමිදි ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වන බැවින් වගා කිරීමට සුදුසු මිදි ප්‍රභේදයක් සකස් කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 2018 වසරේදී තමන් උපදෙස්දී තිබුණද, මේ වන තෙක් එය ක්‍රියාත්මක වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreවෛද්‍යවරුන් රට හැර යාමේ බලපෑම් රෝහල්වලට අමතරව වෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතුවලට පවා දැඩි ලෙස බලපාන බවත්, මේ නිසා මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
Read Moreමන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක්. වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර -ජනපති මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වෙමින් කියයි.
Read Moreඊයේ(15දා) දිනය වන විට වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම දිස්ත්‍රික්ක 13 කට ඇති වී තිබේ. මේ අනුව දිස්ත්‍රික්ක 13 ක පවුල් 52402කට අයත් 174009ක් දෙනා පීඩාවට පත්ව සිටිති.
Read Moreඑක බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක් ගමන් කළ හැකි මොටර් රථයක් ශ්‍රි ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබේ. MG5 EV ලෙසින් මෙම මොටර් රථය ශ්‍රී ලංකා වෙළඳ පොළට නිකුත් කරයි.
Read Moreලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රු. මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) පසුගියදා අනාවරණය විය.
Read Moreරුපියල් කෝටියක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කැනඩාවේ සිට මහරගම ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ එවා තිබියදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට මේ වනවිට රේගුවේ රඳවාගෙන ඇති පොදු ප්‍රවාහන කාණ්ඩයට අයත් වාහන ද නිදහස් කරගැනීම සඳහා අවසර හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreහජ්ජි උත්සවයේදී කලපු තීරයෙහි පැවති මුදලට සිදුවූ ක්‍රීඩාවක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අතරතුර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා අලි සබ්‍රි මන්ත්‍රිවරයා අතර වචන හුවමාරුවක් ඇති වීම හේතුවෙන් රැස්වීමෙහි උණුසුම් තත්වයක් ඇති විය.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින වනිඳු හසරංග සදහන් කර සිටින්නේ, සීමිත පන්දුවාර තරග අංශයෙහි විශේෂඥ ක්‍රීඩකයකු ලෙස තම වෘත්තීය ක්‍රිකට් දිවිය දීර්ඝ කර ගැනීම හේතුකොට ගෙන ඉහත තීරණය ගැනීමට හේතු වූ බවයි.
Read Moreපොදු ප්‍රවාහනයට හා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ආනයන සීමා ඉවත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreහරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read More