ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු 22 සවස කඳු මුදුනේ සිට ප්රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල පොලීසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අංක 172/4, මොරගොල්ල, බේරුවල පදිංචිව සිටි විසි දෙක හැවිරිදි තරුණයෙකි.
මිතුරෙකු සමග ඇල්ලවැල්ලවාය මාර්ගයේ පහළ ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරමින් සිටියදී එක්වරම ලිස්සා ප්රපාතයකට ඇද වැටී මොහු මෙසේ බරපතල තුවාල ලබා වැල්ලවාය දිසාරෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසීය.
මේ සම්බන්ධ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය දිසාරෝහලේ දී පැවැත්වීමට නියමිතය. ඇල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
එස්.පී. නානායක්කාර