saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2616 hours ago

LATEST

දයා ආපු එකට ෆොන්සේකා විරුද්ධයි

calendar_today 2024 පෙබ 01 - 09:40 remove_red_eye - 596  

හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ පිළිකුලක් මෙන්ම ප්‍රශ්නයක් තිබෙනව බවත්, කෙසේ වෙතත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අත්තනොමතික ක්‍රියා නිසා පක්ෂය හැර නොයන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අන්යුක්තව සේවය කරනු ලැබූ ග්‍රාම නිලධාරී වරයෙකු රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත ඊයේ (31දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසා සිටි

Read More

හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා රු.35000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අද(01දා) උදේ 6.30 සිට වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Read More

අරලියගහ මන්දිරියේ රාජකාරී යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.

Read More

2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු ක

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු සියයට 50.23ක බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා තිබේ.

Read More

ජනවාරි මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

Read More

අධිකරණ තීන්දුවට එරෙහිව යමින් සාමකාමී උද්ඝෝෂණයට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

2023 වර්ෂයේ දී අවුරුදු 18ට වඩා අඩු ගැබිණියන් 167 ක් වාර්තා වී තිබෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.

Read More

ඇලයාපත්තුව පොලිස් වසමේ ගල් කඩවල ප්‍රදේශයේ අඹ වත්තකට අයුතු ලෙස ඇතුළු වී අවස්ථා හතරකදී ලක්ෂ 12ක් වටිනා ටී.ජේ.සී. වර්ගයේ අඹ කිලෝ 6000ක් සොරකම් කල බව කියන පුද්ගලයෙකු පෙරේදා (29 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

Read More

සුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා . මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කලේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කල අය දැන් දෙකට බෙදිලා වෙන වෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා . අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ.ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති .ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා . කෙසේ වෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්. අලුත් පක්ෂ නිර්මාණය වෙන්න

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් සමන්විතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් (630 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඉතා සතුටින් දැනුම් දෙයි.

Read More

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට පෙර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්ත මහතා දැරූ ජල සම්පත් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යධුරය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිව තිබේ.

Read More

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

’’රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම දැන් ජීවත් වෙන්නේ, අද රජයේ සේවකයාට වඩා පොල් කඩන මනුස්සයත් ඉතා හොඳින් ජීවත් වෙනවා’’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

බෙලිඅත්ත පොලිස් වසමේ සිදු කළ පංච පුද්ගල ඝාතනයට ආධාර දුන් සැකකරුවන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කරුවලගස්වැව තබ්බෝව ධීවර ගම්මානය ප්‍රදේශයේදී 30 දින රාත්‍රී සිදුවී ඇති වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා 01/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතූ ’’ රත්මලාන කොටියා ’’ නමැති පුද්ගලයකු අලෙවියට සන්තකයේ තබාගන සිටි අයිස් මිලිග්‍රෑම් 5300 ක් සමග ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමීන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරින් අනතුරුව අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ගැසට් මගින් ඉදිරිපත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි 11ක වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන්( Capt. Mohamed Ameen) මහතා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්චාවක් අද ( 30 ) දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

Read More

එසේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන බව ද තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

එළඹෙන පෙබරවාරි 05 වෙනි සඳුදා දිනය කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

2024 ජනවාරි මාසයේ පළමු දින 28ක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකන් 189 574ක් පැමිණ තිබේ. 2023 වසරේ ජනවාරි මාසය තුළදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබුණ සංචාරකයන් සංඛ්‍යාව 102545කි.

Read More

ටොයෝටා සමාගම 2023 වසරේදී ලොව පුරා මෝටර් වාහන ඒකක මිලියන 11.23ක් අලෙවි කර තිබේ. ටොයෝටා සමාගම යටතේ පවතින ඩයිහට්සු මෝටර් සමාගම සහ ට්‍රක් රථ නිෂ්පාදක හිනෝ සමාගම විසින් නිපදවා අලෙවි කළ මෝටර් වාහන ඒකක ප්‍රමාණයද මෙම අගයට ඇතුළත් කර තිබේ.

Read More

තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.