ක්රිකට් නායකයා ඝාතනයට යොදාගත් ගිනි අවිය සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අල්ලයි
අම්බලන්ගොඩ කන්දේ මාවත ප්රදේශයේ පදිංචිව සිටි ප්රවීන ක්රිකට් ක්රීඩක හිනිදුමගේ ධම්මික නිරෝෂන් නොහොත් ජොන්ටි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාවක ඇතුළු තවත් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන එම වෙඩි තැබීමට යොදාගත් බව කියන බෝර 12 ගිනි අවියද සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ඉකුත් 16 දා රාත්රියේ මෙම ඝාතනය සිදුවූ අතර ඊට පසුදාම මේ ඝාතනයට සෘජුවම සම්බන්ධයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් රන්දොඹේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකුගෙන් හෙළිවූ කරුණු අනුව අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කලේගාන පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු හා කොස්ගොඩ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි.
ගාල්ලේ පුද්ගලයාගෙන් ප්රශ්න කිරීමේදි හෙලිවූ කරුණු අනුව මෙම ඝාතනයට යොදාගෙන තිබූ බව කියන බෝර 12 වර්ගයේ තුවක්කුව අම්බලන්ගොඩ රන්දොඹේ ප්රදේශයේ සොහොන් බිමක කැළෑවක තිබී සොයාගත් බවද පොලීසිය කියයි.
මෙම ඝාතනයට ගාල්ලේ සැකකරුට සහාය දී අතැයි කියන කොස්ගොඩ සැකකාරිගේ බැංකු ගිනුමකට අවස්ථා දෙකකදී විදේශ රටකින් මුදල් බැරවී ඇතැයිද පොලීසිය පැවසීය.
ජයරත්න ඉඳුරුවගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

