පාන් කියා ගන්නවත් ඉන්න බැරි ජනතාවට පාන් කෑල්ලක්වත් කන්න තිබෙන අවස්ථාව පාන්වලට ගැසෙට්ටු ගසා නැති නොකරන්න යයි සිය සංවිධානය ඊට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අද(5) ඇල්පිටියේදී කීවේය.
එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreඇඹිලිපිටිය තෝරකොලයාය හරහා මිද්දෙණිය ප්‍රධාන මාර්යේ කුබුගොඩආර හුලංදාඔය පාලම ලොරියක් සමග අද පෙරවරුවේ කඩා ඇත.
Read Moreබෙලිඅත්තේදී වෙඩි තබා පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධ තවත සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිදහස් දින පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.
Read Moreඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අද (05දා) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreකෝටිපති ව්‍යාපාරිකයකුගේ නවගමුව නිවස ඉදිරිපිට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු දුරකථන අංකයක් සඳහන් කර මල්වඩමක් තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කීපයක් විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreපොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 04 වෙනිදා සවස හයට පමණක්ම රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනෙකු සහ හමුදා සෙබලෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreමාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් අද (4) මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.
Read Moreපාන් ගෙඩියක නියමිත බර නොමැතිනම් හා මිල ප්‍රදර්ශණය නොකරන වෙළද සල් ( 05) වන සදදා දින සිට වටලමින් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. නලීන් ප්‍රනාන්දු මහතා එලෙස පැවසුවේ ජාඇල දඩුගම ඒ මහතාගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.
Read Moreකාශ්‍යප වගේම තාක්ෂණය දියුණු කරන්න පුළුවන් මානවම්ම වගේ සෙල් ලිපි වල ලියපුවා පුස්කොල පොත් වල ලියන්න වෙනසක් කළා වගේ ලෝකය ඩිජිටල් කරනය කරන්න පුළුවන් නායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. එහිදී ඔබට තිබෙනවා ආණ්ඩුව උදව් කළාද අරයා උදව් කලාද කියලා හිතන්නේ නැතිව ඔබෙන් පටන් ගන්න.
Read Moreපොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හතරවෙනිදා අලුයම පැනගිය රැඳවියන් දහඅට දෙනෙකුගෙන් කීප දෙනෙකු සෝමාවතීය පුදබිමේ නවතා තිබු බස් රථයක් පැහැර ගෙන යාමට උත්සහ දැරිමේදි,එහි ආරක්ෂක අංශයේ නිලධාරියකු එය වැළැක්වීමට ලියාපදිංචි ගිනි අවියකින් අහසට වෙඩි තැබීමෙන් පසු ඔහුට අයත්, රුපියල් පනස්දාහක මුදලක් හා ජංගම දුරකතන දෙකක් පැහැර ගෙන පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreමාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreඑමෙන්ම සියලු පාසල්වල 2024 පාසල් වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර පෙබරවාරි 19 දින සිට ආරම්භවන අතර එය සිංහල හා දෙමළ පාසල්වල අප්‍රේල් 10 දක්වාත් මුස්ලිම් පාසල්වල මාර්තු 7 දක්වාත් පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreපසුගිය සතියේ ඉහල ගිය කැරට් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 700 කින් පමණ පහත වැටී ඇති බවත් අනෙකුත් එළවළු වර්ග වල මිල ද රුපියල් සියයත් එකසිය පහනත් අතර මිලකින් පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් කියා සිටී.
Read Moreමම පක්ෂය කඩන්නෙත් නෑ... රාජපක්ෂලාට විරැද්ධ වෙන්නෙත් නෑ.. රනිල්ගේ ගොට්ටෙක් වෙන්නෙත් නෑ.. මම හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි... මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයකුත් නෑ...
Read Moreරඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
Read Moreතම නිවසේ දූරියන් ගහට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු (47) ක තිදරුපියකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
Read Moreරංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවලට ආරම්භ කිරීම හා පුද්ගලයන් මිලියන දෙකක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම ජාතික වැඩපිළිවෙළ 05 දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන බව ක්‍රීඩා යෞවන කටයුතු හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreසෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවූ දැවැන්ත වංචා නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර මේ ක්‍රමවේදය තුළ යුක්තිය සාධාරණත්වය ඉටු වේ කියා අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් උත්සවය අදට (04දා) යෙදි තිබේ. මෙවර ජාතික උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් එක්ව සිටියි.
Read Moreයාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවෙ නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර එයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන නියෝජිතයන් අධිකරණයට කරුණු දක්වා තිබේ.
Read Moreරිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඉන්දියාව් සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 2058.3 ක් යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව පෙබරවාරි 02 දින අළුයම 0500 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය කළේය.
Read Moreවෙළෙඳ, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය. කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී හෝටල් සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ ජනපති පහදයි. මියන්මාරයේ මිනිස් ජාවාරම හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමට ජනපති තායිලන්තයේ සහාය ඉල්ලයි.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 208 253ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ ඇතුළත් කළ දත්ත සටහක දැක්වෙයි. එය පසුගිය වසරේ ජනවාරි (102545) හා සැසදීමේදී සියයට 103ක වර්ධනයකි.
Read Moreටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකකට, එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදි බංග්ලදේශයේ සංචාරය කිරීමට නියමිතය.
Read More19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ලකුණු 119ක් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට ගිය අතර දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබ ගත්තේය.
Read More