සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුවියකට නවක වදය ලබාදුන් ඒම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ. 1977 යන ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණ පැමිණිල්ලක් අනුව සමනල වැව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
රු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT - kandy multimodale transit terminal) ඉදිකිරීම් සමාරම්භය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි
Read Moreතායිලන්ත අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ගෞරවනීය ආරාධිතයා වශයෙන් සහභාගී වනු ඇත.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8යි දශම 5 කහතුඩුව ප්‍රදේශයේ මීට වසර පහකට පෙර ඉදිකිරීමට පිඹුරුපත් සැකසූ විවේක සේවා මධ්‍යස්ථානය ප්‍රබලම දේශපාලඥයෙකුගේ මැදිහත්වීම මත අත්හිටුවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමෙරට රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය සහ ඒ තුළින් ජනතාව ලබා ගන්නා සේවා පිළිබඳව ජනතාවගේ තෘප්තිමත්භාවය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ සමීක්ෂණයකදී එම රාජ්‍ය නිලධාරීන්ගේ සේවාව පිළිබඳබෙහුතර ජනතාව අතෘප්තියෙන් පසුවන බව හෙළිවී තිබේ.
Read Moreමෙවර අපොස (උ.පෙළ) විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවෙකුට උදව් උපකාර කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා විභාගයට පෙනී සිටි සිසුවා පෙබරවාරි (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මූතූර් මහේස්ත්‍රාත් තස්නීම් මොහොමඩ් පවුසාන් මහත්මිය පෙරේදා (27දා) නියම කළාය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ලෙස සිදුකරන අවසාන රාජාසන කතාව සිදු කිරීමට සහ ඉවත් කිරීමට නොහැකි කෝප් සභාපතිවරයාව ඉවත් කිරීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාර්ලිමේන්තුව වාර අවසාන කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreදුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඇල්ල නගරයට මේ දිනවල විදේශීය සංචාරකයන් බහුලව පැමිණෙමින් සිටිති .
Read Moreමාගේ සේවා දායකයාගේ වර්තමාන සැබෑ තත්ත්වය පිළිබඳ මා වාචිකව කියන කරුණු සත්‍ය බව සනාථ කිරීම සඳහා මාගේ සේවා දායකයාගේ ව්වාහ සහතිකය , ඡායාරූප ලෙස තෑන්ක්යූ කාඩ් පත ස්වාමීනී අධිකරණය වෙත ඉදිරිපත් කරනවා , මා පැවසූ සියලු කරුණු කාරණා ගැන සලකා බලා සුදුසු ඇප මත මුදා හරින මෙන් ඉතා ගෞරවයෙන් ඇයද සිටිනවා ස්වාමීනී.
Read Moreඇඹිලිපිටිය, ඇල්ලේවැව ජලාශ යෝජනා ක්‍රමයේ සියළු ඉදිකිරීම් අවසන් කර ලබන වසරේ ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
Read More’’යුක්තිය ’’ මෙහෙයුම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට ඉඩ තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා ගම්පහ , නයිවලදී පැවසීය.
Read Moreදෙමල ජාතික සංධානයේ මහා ලේකම් ඇතුළු විධායක සභාව තෝරා ගැනීම සදහා ඊයේ (27දා) ත්‍රිකුණාමලයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීම් නිලවරණය ඉතා උණුසුම් හා කාල ගෝට්ටි මධ්‍යයේ අවසන්වු අතර පත්වු නිලධාරීන් තමන් පිළි නොගන්නා බව එක් පාර්ශවයක් පවසා කලහකාරි ලෙස හැසිරීම නිසා අද (28) දෙමල ජාතික සංධානයේ නව නායකයන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේ පැවැත්විමට නියමිතව තිබු පලමු මහජන රැලිය අත්හිටුවීමට සංධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රි ධරන් මහතා කටයුතු කලේය.
Read Moreරිය අනතුරකින් මරණයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත්නිශාන්ත පෙරේරා මහතාගේ අද 28 පැවත්වෙන අවමංගල්‍ය උත්සවයේ ආරක්ෂාවට වයඹ පළාතේ තොරාගත් පොලිස්ථාන වල පොලිස් නිළධාරීන් 380ක් යොදවා ඇති බව ආරච්චිකට්ටුවපොලීසිය පවසයි.
Read Moreගෑස් ලිපකින් බත් මුට්ටියක් පිසිමින් සිටී පුද්ගලයකු ලිපමත ඇදවැටී පිලිස්සී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreමෙම හේතුව නිසා අද දවසේ වරාය තුළ නෞකා 24 ක් සඳහා නැංගුරම්පළ පහසුකම් සාදා ඇත. මීට අමතරව වරායෙන් පිටත නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් නෞකා 10ක් පමණ පොරොත්තුව සිටින බව වාර්තා වෙයි. මෙම තත්ත්වය මත ජනවාරි මාසය තුලදී නෞකා 100ක් පමණ මෙහෙයවීමට ජයබහලු පර්යන්තය(JCT) හා නැගෙනහිර බහලු පර්යන්තය (ECT) සමත්ව ඇත. මෙම බහාලු නෞකාවන්ට අමතරව මගී නෞකා 05ක් ද කොළඹ වරායට පැමිණ ඇත. ජනවාරි මාසය තුළ පමණක් මෙම පර්යන්ත 02ක තුල පමණක් බහලු 193,000ක් මෙහෙයවා ඇති අතර,
Read Moreඋමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
Read More2023 වසරේ දෙසැම්බර් මස මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් වැඩිහිටියන්ගෙන් සියයට 39ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජවිපෙ/ජාජවේ ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම මත විමසුමක සඳහන් වෙයි.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයෝජනය ආයතනයක් වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රෙය් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් %First Capital Money Plus Fund^ සේවාව හඳුන්වාදීමට නියමිතව තිබේ. ඒ අනුව එහි මූලියක දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) දා කොළඹදී පැවැත්වුණි.
Read More2024.02.04 දිනට යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් දින උළෙලට අදාළ පෙරහුරු කටයුුතු එළැඹෙන 30 දි සිට ආරමභ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව අදාළ පෙරහුරු කටයුතු පෙබරවාරි මස 03 දා තෙක් පැවැත්වෙනු ඇත. මෙම පෙරහුරු කටයුතු ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ හා නුවරඑළිය දිස්ික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇමති සනත් නිශාන්ත මහතා සමග රිය අනතුරින් මිය ගිය ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියා වෙත රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුව කැඳවා තිබේ. උත්තර ප්‍ර දේශ් වොරියරස් කණ්ඩායම නියෝජනය කළ ලෝරන් බෙල් වෙනුවට මෙසේ චමරි අතපත්තු කැඳවා තිබේ. අතපත්තු ඇයගේ මූලික මිල වන ඉන්දීය රුපියල් ලක්ෂ 30 (ඇමරිකානු ඩොලර් 36,000 පමණ) වටිනායකමට කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබේ
Read Moreකාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක බලපත්‍රයක් නිකුත් කරලා - අදාළ සමාගමට ම සැමන් නිෂ්පාදන ආයතනයක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.
Read Moreකැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 6ට අධික මුදලක් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2024.01.24 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ව්‍යාපාරික කාන්තාවක් 01/26 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ලබන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
Read Moreමත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබේ.
Read More