යාපනයෙන් හම්බන්තොටින් මුහුදු ගිය ධිවර යාත්රා දෙකක් අතුරුදන්
යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල සිට මුහුදු ධීවරයින් 6ක් රැගත් යාත්රා දෙකක් අතුරුදන්
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ
යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල සිට මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්රා දෙකක් අතුරුදන් වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 7 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්රා දෙකක් එලෙස අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව ධීවර අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියා සිටියේය .
යාපනය, පොයින්ට් පේදුරු ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්රාවේ ධීවරයින් සිව්දෙනෙකු සිට ඇති බව වාර්තා වෙයි.
හම්බන්තොට ධීවර වරායෙන් පිටත්ව ගිය එක්දින ධීවර යාත්රාවේ ධිවරයින් දෙදෙනෙකු සිට ඇති අතර අදාළ ධීවරයින් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත්, ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බවද සුසන්ත කහවත්ත මහතා කියා සිටියේය.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

