කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වරාය සුරැකීමේ වෘත්තිය සමිති අතර අද පැවති සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියි.
හෙට උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කර තිබේ. ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.
Read Moreපාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගියේය.
Read Moreඑන්නත් කිරීමේ වැඩසටහන හෙට දිනයේදී රට පුරා දියත් කිරීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඑන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.
Read Moreඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 05 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය 01/28 දින දහවල් 11.35 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.
Read Moreශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව රජය නිවේදනය කර සිටියි.
Read Moreඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreඑම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම පත්කිරීම සිදුවිය.
Read Moreඅද (25දා) උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කිරීම පිළිබඳව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreමානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.
Read Moreවලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත. (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර සිටියේය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 52000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 536ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreමේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් මර්දන එන්නත ලබාදීම කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මානසිකත්වය ශක්තිමත් වීමට හේතුවනු ඇති බවත් ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොවිඩ් එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය,මහචාර්ය ජී.එල්. පීරිස් මහතා මහනුවරදි පැවසිය.
Read Moreතවත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ශිෂ්‍යන් 50ක් නැති පාසල් 1400ක් පවතින බවත් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සංඛ්‍යාව 100ට අඩු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
Read More