saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 8915 hours ago

LATEST

ජනපති සමග සාකච්ඡා ඵලදායි බව ඉම්රාන් ඛාන් කියි

calendar_today 2021 පෙබ 24 - 13:29 remove_red_eye - 844  

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද (22දා) රාත්‍රී 12.00 සිට හෙට (23 දා) රාත්‍රී 12.00 දක්වා එක්දන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තව​ත් කොවිඩ්-19 ආසාදිතයින් 254ක් හඳුනාගෙන ඇත. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299කි.

Read More

ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 74877ක් දක්වා වර්ධනය වී තබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 258ක් වාර්තාවීමත් සමගිනි.

Read More

රිය අනතුරුවලින් සිදුවූ මරණ 15ක් පමණ ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. ඒ අනුවට සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගාල්ලේ සිදුවූ මරණ දෙකක් සම්බන්ධව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිත බව අද (17දා) තහවුරු වූයේ යැයි රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හා කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 409 කි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403 කි.

Read More

කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15දා) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක් ගැවසෙන උත්සව පැවැත්වීමට අවසර නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read More

අද (13) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 384ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් වාර්තා වූ බව භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.

Read More

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන සැප්තැම්බර් 06 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.

Read More

2017 මැයි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය.

Read More

තම පක්ෂය තුළ විදෙස් ඔත්තුසේවාවන්ට සම්බන්ධ අය සිටීනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස තමන් ජනනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය විමිල් වීරවංශ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.