saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

TOP STORY - timelapse 7700 hours ago

LATEST

කොවිඩ් මරණ 43ක්

calendar_today 2021 ජුනි 01 - 06:31 remove_red_eye - 872  

කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් - කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක

Read More

(UPDATE) නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රවීණ නිරූපිකා පියුමි හංසමාලි ඇප මත මුදා හැර තිබේ. ඔවුන් කොළඹ හෝටලක පැවැති උපන්දින සාදයකට එක්ව තිබුණි.

Read More

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හරහා විෂ ද්‍රව්‍ය සාගරයට එක්වීම හේතුවෙන් මත්ස්‍යයන් ඇතුලු සාගර ජීවීන් මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බද්දේගම සමිත හිමියන් අපවත් වූහ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවූහ.

Read More

තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.

Read More

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 බැගින් මිලට ගැනීමට කටයුතු කරන බවට පුවත අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

නමුත් ඩොලර් 15ක් දීම ගැන අපේ ගැටලුවක් තිබෙනවා. බංග්ලාදේශයට එම එන්නතම ඩොලර් 10ට දෙනවා මාත්‍රාවක්. එක මාත්‍රාවකට ඩොලර් 5 ගානේ වැඩිපුර ගෙවනවා කියන්නේ මිලියන 14ක් සයිනොෆම් ගෙන්වන කොට අපි වැඩිපුර ඩොලර් මිලියන 70ක් වැඩිපුර ගෙවනවා.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) තහවුරු කර තිබේ.

Read More

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

Read More

නිරෝධායන නීති කඩකරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික කොරෝනා මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පවතින සංචරණ සීමා එළඹෙන 31 වැනිදා සහ 04 වැනිදා ලිහිල් කිරීමට තීරණය කර තිබුණද එය වෙනස් වීමට ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොළඹට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති රසායනික ඇතුලු වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය සඳහා අදාළ නැව් සමාගමෙන් වන්දි ලබා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් එකතුවන අපද්‍රව්‍ය, “උපද්‍රවකාරී අපද්‍රව්‍ය” ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිෂ්චිතව වෙන් වෙන්ව හඳුනාගෙන නොමැත. එබැවින් කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රටතුළට ගෙන ඒම, එක්රැස් කිරීම, වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක විය හැකි බැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල ගුණරත්න (විශ්‍රාමික) මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ආපදාවට පත් නෞකාවෙන් විටින් විට මුහුදට වැටෙන බාහාලුම් ඇතුළු විවිධ කොටස් දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙලෙස පාවී ඒමේ හැකියාවක් ඇති බැවින්, විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.

Read More

ශ්‍රී ලංකා මුහුදු සිමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් හා එහි තිබූ බහාලුම් වල කොටස් මීගමුව වෙරළට ගොඩ ගසමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

මුහුණු ආවරණ නොමැතිව වීල් බැරෝවගින් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ.

Read More

කොළඹ වරායට නුදුරින් ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

Read More

මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍යතාවක් ඇති බැවින් ඒ වෙනුවෙන් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් සඳහා ආසන 07 ලෑන්ඩ් ක_සර් ප්‍රාඩෝ රථ 227ක් ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Read More

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර රෝගය අම්පාර ප්‍රදේශයේ පැතිර යන බවට මේ වෙන තෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කරයි.

Read More

කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.