පාසල් ආරම්භ කිරීම තවත් කල් යන ලකුණු
සැලසුම් කළ පරිදි එළඹෙන සැප්තැම්බර් පළමු සතියේදී පාසල් යලි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියි.
"සියලුම ගුරුවරුන්ට එන්නත ලබාදීලා පියවරෙන් පියවර විවෘත කරන්න සැලසුම් කරලා තිබුණා. නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය සිදු කිරිමට ඉඩක් නැහැ. මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකිරිම සියලුම සිසුන්ට මේ අවස්ථාවේදී වැදගත කරුණක්.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
popular news
-
Deepal Nirosh Tuesday, 10 August 2021 10:33 AM
දැන් රටේ දැවෙන හා අනිවාර්ය විසඳුම් සෙවිය යුතු ප්රශ්නය පාසල් ආරම්භ කිරීමේ දින තීරණය කිරීම නොවෙයි මේ නො නවතින රෝග වසංගතය හමුවේ අපේ ජීවිත හැඩ ගස්වා ගත යුත්තේ කෙසේ ද යන්නයි. එනම් කෝවිඩ් සමඟ ජීවත්වීමට අපි සැවොම සුරු වීමයි. ඊට අනුකූලව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වා ගත යුත්තේ කෙසේ ද යන්න නිසි සැළසුමක් සම්පාදනය කර ගැනීමයි. බලධාරීන් තම අවධානය යොමු කළ යුත්තේ ඒ දෙසටයි. අඩුගානෙ පාසල් විවෘත කිරීම පසෙක තබා ඇරඹිමට පෙර ගුරු විදුහල්පති වෘත්තීය ගැටළුවට නිසි හෝ අතරමැදි විසඳුමක් හෝ ලබා දිමට නො සිතන්නේ ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

