එජාප නායකයාගේ චෝදනාවලට යුද හමුදාපතිගෙන් පිළිතුරු
කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සිදු කරන කාර්යභාරය සහ ත්‍රිවිධ හමුදාව මගින් සිදුකරනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවේචනයට ලක් කළත් ඒ මහතා ද කෝවිඩ් එන්නත ලබා ගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික රෝහල වන නාරාහෙන්පිට රෝහලට පැමිණ යුධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයෙන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි .
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (09) පෙරවරු ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ දළදා පෙරහර සඳහා යුද හමුදාව මගින් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන කොප්පරා පූජාව සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය මගින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි . එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
යුද හමුදාව ප්රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව අතර විශාල ප්‍රසාදයක් පළ වෙමින් තිබෙනවා . මෙවන් විශාල ප්‍රසාදයක් පළ කරමින් සිටින අවස්ථාවක එක් පුද්ගලයකු පමණක් එය විවේචනයට ලක් කිරීම් පිළිබඳව ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් හා යුද හමුදාපතිවරයා වශයෙන් මාගේ වගකීමක් තිබෙනවා මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට පිළිතුරු දීමට .
මේ අවදානම් කාල වකවානුවේ සෞඛ්‍ය ක්ෂේත්රය සමඟ එකතු වී රණවිරුවන් විසින් සිදුකරගෙන යනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ විවේචනයට ලක් කරන පුද්ගලයන් පිළිබඳව රටේ ජනතාව දැනගත යුතු කාරණාව වන්නේ එම වැඩ පිළිවෙල විවේචනය කරන පුද්ගලයා කෝවිඩ් එන්නත ලබා ගනු ලැබුයේ ද යුධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයකට පැමිණ බව . ඔහුට ශ්‍රී ලංකා යුද හමුදාව තුළින් එන්නත ලබා ගැනීමට අවශ්‍ය වුණා නම් රටේ ජනතාව එන්නත් කිරීම වැරදි කියනවා නම් ඒ පිළිබඳව තීරණයක් ගත යුතුව තිබෙනවා .
කෝවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ ප්‍රධානියා අතිගරු ජනාධිපතිතුමායි . එසේම එහි සෞඛ්‍ය සෞඛ්‍ය ඇමැතිවරියන් දෙදෙනා සේම සෞඛ්‍ය අමාත්‍යවරයා ද සිටිනවා . ඊට අමතරව කැබිනට් ඇමතිවරුන් තව කිහිප දෙනෙක් ද සිටිනවා . රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් , පොලිස්පතිවරයා , විශේෂඥ වෛද්‍යවරුන් කිහිප පොළක්ම එහි සිටිනවා . එහි ක්‍රියාත්මක වන්නේ අපි තනිව ගන්න තීරණ නොවේ . කෝවිඩ් ප්‍රථම රැල්ල ඉතා හොඳින් පාලනය කර ගැනීමට හැකි වුණා . ඒ සඳහා ජනතාවගෙන් හොඳ සහායක් ලැබුණා . නමුත් මේ වන විට පැතිරී යන කෝවිඩ් විවිධ ප්‍රභේද හමුවේ වෛරසය සීඝ්‍ර ලෙස පැතිරෙන වකවානුවකයි අපි කාලය ගත කරනු ලබන්නේ . එම නිසා රටේ ජනතාව විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුව තිබෙනවා . රටේ ජනතාවට නීති දමා කටයුතු කළ යුතු කාලයක් නොවේ මේක . පළාත් සංචාරණ සීමා තවමත් ක්‍රියාත්මකයි . රාජකාරියකට රැකියාවකට යන අයට පමණයි එය බල නොපාන්නේ එය අව භාවිතා නොකිරීම ඉතාම වැදගත් යැයි ද යුද හමුදාපතිවරයා පැවසීය .
ෂේන් සෙනවිරත්න
popular news
-
Demuni Uduwara Monday, 09 August 2021 04:58 PM
Mr. Army Chief, you misunderstood what he sensed. He questioned of the composition. If we had a composition as he suggested, this disastrous situation would have not been arisen. His jab taking was open; what about President and PM!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

