saravita-anim2

2026 ජුලි මස 01 වන බදාදා

2026 ජුලි මස 01 වන බදාදා

TOP STORY - timelapse 7256 hours ago

LATEST

ලංකාවේ තවත් රණවිරුවන් දෙදෙනෙකුට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්

calendar_today 2021 දෙසැ 11 - 09:03 remove_red_eye - 1606  

මානව හිමිකම් කඩි කිරීම සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි මහතාට හා හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුනිල් රත්නායක මහතාටයි.

2022 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 93කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණ අතර විපක්ෂව 64ක් ලැබුණි.

Read More

යුගදනවි බලාගාරය පිළිබඳ ගිවිසුම ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය බලය ලබා දී තිබුණ බවත් කෙසේ වෙතත් අදාල ගිවිසුම අත්සන් කර තිබෙනුයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග අනුබද්ද එන්.එෆ්.ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් යන ඇමරිකාවේ ලියාපදිංචි ශ්‍රී ලංකා සමාගමක් සමග බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

එළඹෙන වසරේදීත් වාහන ආනයනය නොකිරීම පැනවූ සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.

Read More

මෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් ලෙස මෙම වසරේ නොවැම්බර් මාසය වන විට පැවතුන බවත් එයින් ඇමරිකානු ඩොලර් මිලියන 382.2 රත්‍රන් සංචිත බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

’’ මට සමාවෙන්න ප්‍රියන්ත. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා’’

Read More

ශ්‍රී ලංකික ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කිරීමට උත්සාහ කරන විට ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් තමන් වෙත පුදකළ සහතික පත්‍රය හා සිවිල් සම්මානය ශ්‍රී ලංකා ජනතාවටත් ජීවිතක්ෂයට පත්වූ ප්‍රියන්ත කුමාරටත් පිරිනමන බව මලික් අද්නාන් පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

Read More

යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

Read More

පසුගිය දිනවල සිදුවූ ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලුවලට ප්‍රධාන හේතු දෙකක් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව මගින් සොයාගෙන තිබේ.

Read More

පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තාන ජාතික මලික් අද්නන් වෙත පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන ටම්ඝා අයි සුජාත් සම්මානය පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

රු.240කට නිල නොලත් ආකාරයෙන් ඩොලර් මිලදී ගැනීමට රු.කෝටි 7,200ක පමණ මුදලක් පවතින්නේ කවරෙකුගේ ගිණුම්වලද යන්න සහ මෙවැනි මුදල් පැන නගින්නේ කවරාකාරයෙන්ද යන්න සම්බන්ධව ඉතාමත් සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.

Read More

පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Read More

ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කථාකර සිය ජාතියේ ලැජ්ජාව හා තරහ ප්‍රකාශ කළ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ අද සහ පෙරේ දා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා කළමණාකරුවෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 100ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් වැළඳී ඇති බව තහවුරු වී ඇත.

Read More

පවතින ගැටලුකාරී වාතාවරණය යටතේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

Read More

හම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට බවත් අවශ්‍ය නම් එම ගිවිසුම අවලංගු කර වරයා නැවත ලබා ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ කරයි කියමින් මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02දා) නියෝග කළේය.

Read More

දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද ( 01 ) පැවැත්වුණි.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.

Read More

ශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් ‌නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.‍

Read More

ඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රභේදය තිබෙන රටවල් වල සංචාරකයන් මෙරටට ඇතුලු කර ගැනීම පසුගිය 28 දා සිට නතර කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බවට වාර්තා වෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තීරණය කර තිබේ.

Read More

ඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Read More

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

Read More

තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදු වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.