රේගුව කරන්න ගිය සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අවසන් විනාඩියේදී නවත්වයි
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස් , ලැම්බෝගිනි, ජගුවාර්, මර්සිඩීස් බෙන්ස්, හමර් රථය බැගින් හා බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගත් පියවරක් අවසන් මොහොතේ හදිසියේ නතර කර තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ රේගුව විසින් අත්අඩංගුවට ගත් මෙම ඉහළ පෙළේ සුඛෝපභෝගී වාහන බ්‍රහස්පතින්දා වෙන්දේසි කිරීමට නියමිතව තිබුණ බවයි. කෙසේ වෙතත් රේගු අධ්යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රිය මහතාගේ උපදෙස් මත අවසන් මොහොතේදී මෙම වෙන්දේසිය නතර කර තිබේ.
වෙන්දේසිය නැවැත්වීමට හේතු වූ කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු අණාවරණය නොවන බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි.
අත්අඩංගුවට ගෙන ඇති වාහන නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බැවින් ඒවායේ හිමිකරුවෙකු නොදන්නා අතර සමහර වාහනවල කොටස් අතුරුදන්ව තිබේ . වාහන ආනයන සීමාවන් ක්‍රියාත්මක වූ පසුගිය මාස කිහිපය තුළ වාහන කිහිපයක් ආනයනය කර තිබූ බව රේගු ආරංචි මාර්ග පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශ සුදත් ද සිල්වා මහතා පැවසුවේ, අත්අඩංගුවට ගත් වාහන වෙන්දේසි කිරීමේ ටෙන්ඩර් ක්‍රියාවලියක් පවතින බවත්, රේගු දෙපාර්තමේන්තුවට ආදායම් උපයා ගැනීම සඳහා එවැනි වෙන්දේසි වරින් වර පවත්වන බවත්ය. එවැනි වෙන්දේසි පැවැත්වීමේ බලය රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සතුව පවතින බවත් ඒවා අවලංගු කිරීමටද රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇති බවයි.
popular news
-
Kumar Sunday, 13 February 2022 03:29 PM
nirnamikawa wahana naw gathakala hakiwagak mamdanasitye naha. lankawen aluth dey gana igenaganna puluwani. samahara wahana sorkamkara wenath ratakata gengos pitarata yawana athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

