saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

TOP STORY - timelapse 7260 hours ago

LATEST

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට සීමා පැනවෙයි

calendar_today 2021 සැප් 09 - 16:39 remove_red_eye - 2257  

අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාව ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියි.

Read More

පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය. ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තො ජනපති නියමයෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් භාරයට ගනු ලැබීය.

Read More

කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.

Read More

කැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපතිධුරයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි.

Read More

මුදල් පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මත වී ති​බේ. එම යෝජනනාවට පක්ෂව ඡන්ද 132 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 51 ලැබී තිබිණි.

Read More

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.

Read More

පෙරේදා දිනයේදී කොවිඩ් මරණ (145) වල යම් අඩුවීමක් දක්නට ලැබුණත් ඊයේ දිනයේදි නැවතවරක් මරණ වැඩි වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10140ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඖෂධ සඳහාද ඉදිරියේදී මිල සූත‍්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

Read More

නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනෙකුට පිහි ඇණුම් සිදුකිරීමෙන් පසුව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා ජාතිකයාගේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ

Read More

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

නිවාස වල ඇතිකරන සුනඛයින්ට බද්දක් හඳුන්වාදීම හා නගර සභාව මගින් අය කරන සියලුය බදු වැඩිකිරීමට දඹුල්ල මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනවිත් තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ජාත්‍යන්තර නීතිය අනුව නැවක් එක් වරායක සිට තවත් වරායකට එන විට එම නැව තුළ එකතුවන දැවිතෙල් අවසන් වරාය විසින් බාර ගත යුතුය. එමෙන්ම එම රටට සිදුවන පාරිසරික හානිය හේතුවෙන් අදාල නැව විසින් යම් මුදලක් වන්දියක් වශයෙන් අදාල රටට ගෙවිය යුතුය. එ‍හෙත් අපේ රටේ මෙතෙක් සිදුව ඇත්තේ නැව්වලට මුදල් ගෙවා ඔවුන් බැහැර කරන අපද්‍රව්‍යයක් වන දැවිතෙල් මිල දී ගැනීම බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

Read More

පින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.

Read More

රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ

Read More

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවය රැගෙන එමින් පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30දා) සමත් විය. එක් අතක් වැලමිටෙන් පහළ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගිවන F-46 කාණ්ඩය යටතේ තරග වඳිමින් දිනේෂ් මෙම ගෞරවය මවුබිමට රැගෙන ආවේය.

Read More

ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමෙ ඉසව්වෙ නව පැරාලිම්පික් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්වූයේය. ඒ මීටර් 67.79ක් වාර්තා කරමිනි.

Read More

වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් 60 % කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී තිබෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

පවතින තත්වය මත මේ වන විට පැයකට කොරෝනා හේතුවෙන් මරණ 9ක් සිදු වන බව වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කර සිටියි. වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පිරිස හෝ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස බවයි එතුමිය සඳහන් කර සිටියේය.

Read More

කොළඹ මේ වන විට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය බවත් එය සියයට 100ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 6 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

Read More

සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

Read More

කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.