IMF ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනපති හමුවීමට එයි
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදපිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳුදා සහ අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව අයි.එම්.එෆ්. ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී නොසාකි රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
මූල්‍යමය සහයෝගයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව තවමත් ඉල්ලීමක් කර නොමැති බවත් එසේ ඉල්ලීමක් කරන්නේ නම් විකල්ප පිළිබඳව සාකච්ඡා කිරීමට කාර්ය මණ්ඩලය සූදානම් බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ලබන මාසයේ විධිමත් සාකච්ඡා පැවැත්වීමට මත්තෙන් මෙම නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු දරුණුතම මූල්‍ය අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටී. විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.31 ක ඉතාමත් පහළ අගයක පැවතීමත් සමඟ රටට අවශ්‍ය ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු තීරණාත්මක ආනයන සඳහා අරමුදල් සපයා ගැනිමේ ගැටලුවකට මුහුණ දී තිබේ.
popular news
-
sg Monday, 14 March 2022 06:24 PM
This is a crucial moment, relevant authorities must act in accordance with the formally accepted approaches like IMF. Meanwhile, try to replace the main official person from the Central Bank and the Ministry of Finance.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

