ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබේ.ශ්‍රී ලංකාවේ පැවැති යුධමය කාලසීමාවේදී සිදුවූ බව කියන යුද අපරාධවලට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසන්නේ 2009 සිවිල් යුද්ධයේදී ඔහු රටේ ආරක්ෂක ප්‍රධානියා ලෙස සිටියදී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවයි.
දකුණු අප්‍රිකාව පදනම් කරගත් ITJP සංයිධානය සඳහන් කරන්නේ විශ්වීය අධිකරණ බලය මත පදනම්ව කරන ලද චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට යටත් වන බවයි.
ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ හිටපු ජනපතිවරයාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ මේ වන විට ඔහු සිංගප්පූරුව වෙත ගොස් තිබේ.
රොයිටර් පුවත් සේවය සිංගප්පූරුවේ පිහිටා ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසා ඇති අතර අදහස් ප්‍රකාශ කර ගැනීමට හිටපු ජනපතිවරයා සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වී තිබේ.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා ගණනාවකදී යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
popular news
-
Kumar Monday, 25 July 2022 01:45 AM
parana weeryinwa athadanguwata ganna lankawe widesha vinimaya thibenawadha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

