ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 කි.
නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙස තජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එක්ව තිබේ.
Read Moreවැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දි තිබේ.ජනපතිවරයාගේ ඉල්ලා අස්විමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.
Read Moreසිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පි
Read Moreශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් පෙරවරු 11.30ට පමණ එරටින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව මාලදිවයිනට පිටත්ව ඒම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අල්ලසක් ගත්තේදැයි මාලදිවයිනේ ජනපතිගෙන් මාලදිවයිනේ මාධ්‍ය ප්‍රශ්ණ කර තිබේ.
Read Moreවැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට රටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඉන්දියාවේ ANI පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. ජනපතිවරයා රටින් පිටව ගොස ඇති බවට තමන් බී.බී.සි. පුවත් සේවය සමග සඳහන් කළ දෙය අත්වැරදිමක් බවද ඔහු ප්‍රකාශ කළේය.
Read More’’රට ස්ථාවර කිරීමේ රටේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළට නායකත්වය දීමේ වගකීමට නායකත්වය දෙනවා. අපි ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුම් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ කවුරු හරි යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරනවානම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි. මාතෘ භූමිය රැකගන්න අපි සූදානම්. මාතෘ භූමියට නායකත්වය ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මවුබිමට ජය වේවා!’’
Read Moreසර්වපාක්ෂික අන්තර්වාර පාලනයේ ජනාධිපතිධුරය හා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ශ්ව කිහිපයකින් නම් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම,පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඒ අතර.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීම සම්බන්ධනේ වන ණය පැකේජය පිළිබඳව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කැලඹීම සඳහා විසඳුමක් බලාපොරොත්තු වන එම සංවිධානය පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටෙතේ් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබේ.
Read Moreඅද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreකොළඹ ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත්තේය. විශාල ජනතාවක් එක්වරම ජනපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා වැදුණි. ආරක්ෂක අංශ සාමාජිකයන්ද කිසිවක් කර කියා ගත නොහැකිව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.
Read Moreබස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ රාත්‍රී 9.00 සිට මීගමවු, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර, මධ්‍යම හා දකුණ) යන පොලිස් කොට්ඨාස වෙත නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.
Read Moreබස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට අද රාත්‍රී 9.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවා තිබේ.
Read Moreවර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුවත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොලී අනුපාත වැඩිකර උද්ධමනය පාලනය කර ගැනිමට උත්සාහ කරන බවයි.
Read Moreශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.
Read More’’ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ සිටීමයි. රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් රට වැටී තිබෙන තත්ත්වය ගැන වගකීම බාරගෙන තම තනතුරු වලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත ජනතාවට භාර දෙන ලෙසයි’’
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණා. ඉදිරි කටයුතු පිළිබද මාර්ග සිතියම සාර්ථකව ඉදිරියට තබන්න පුළුවන්.
Read Moreපොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය පිළිබඳව කලබල නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More