කෝටි 10ක් ගෙවන්න වත්කමක් මට නෑ
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ රුපියල් කෝටි 10ක වන්දිය ගෙවන්න තමන්ට ආර්ථික හැකියාවක් නොමැති බවත් තම මිත්‍රයන්ගෙන් එකතු කර එම මුදල ගෙවා දැමීමට තීරණය කර ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අද නිට්ටඹුවේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"මම මේ සිද්ධිය වෙනකොට හිටියේ සිංගප්පූරුවේ රෝහලක. මම අනන්ත අප්‍රමාණ කිව්වා මේ ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණට ඒ කිසිම කෙනෙක් මට මේ ගැන කිව්වේ නෑ කියලා.මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුළේ තිබෙනවා. මේ තොරුතුර නිලධාරීන්ට ලැබුණාට ජනාධිපිතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ කියලා.
ඊළඟට ඔබ සිතයි මේ කෝටි 10 ගෙවන්න තීන්දු කළේ කියලා. මානව හිමිකම් කඩවීමක් පිළිබඳව. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් ඒකට ජනාධිපතිවරයාද වගකිව යුත්තේය කියලා මේ නඩු තීන්දුවේ ලියලා තියෙනවා. පොලිස්පති පත්කරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම් පත්කරන්නේ ජනාධිපති. ඔත්තු සේවා අධ්යක්ෂ පත්කරන්නේ ජනාධිපති නෙමෙයි පොලිස්පතිතුමා. ඒ අයගෙන් ඉටුනොවුණ එකට මමත් වගකිව යුත්තෙක් කියලා තමයි මටත් කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ දීලා තියෙන්නේ.
කෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් අප සල්ලි එකතු කරමු කියල. නමුත් මම එතැනදි ඇහුව කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියල. නමුත් මගේ හිතවත් මිත්රයින් රාශියක් මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාර්ග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නව කියල.
මගේ වත්කම් ප්රකාශනය මම සෑම වසරකම පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනව. බොහෝ ජනාධිපතිවරු ජනාධිපති වූ පසුව තමන්ගේ නිල කාලය තුළ වත්කම් ප්‍රකාශය ලබාදී නෑ. ඒ ඔවුන් ජනාධිපතිවරුන් නිසා. මම ජනාධිපති වෙලා සිටි වසර පහ තුළ දීත් මම සෑම වසරකම මගේ වත්කම් ප්‍රකාශය ලබා දී තිබෙනව. මගේ වත්කම් ප්රකාශනය ඕනෑම අයකුට බලන්න හැකියාව තිබෙනව.තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඕන කෙනෙක් මගේ වත්කම් ප්රකාශනය අරගෙන බලන්න.
ඒ නිසා මගේ මිත්රයින් තීරණය කර තිබෙන ආකාරයට මා බලාපොරොත්තු වන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ගන්න. මගේ දෙපා මුලට හෙණ ගැහුවත් මට වදින්නේ නෑ.
ඔබ දන්නවා අෂ්ඨ ලෝක ධර්මය." ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං "කියන ගාථාව ඔබ කවුරුත් දන්නවා ඒ නිසා ඕනෑම කෙනකුට රජෙක් වන්නට පුළුවන්. ඒ වගේම යාචකයෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ලාභය අලාභය අයස යස ස ඒ වගේම නින්දාව ප්රසංසාව තමාගේ ජීවිත කාලය තුළ තමන්ට ලැබෙනව. ඒ අනුව අපත් මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙමින් අපේ රටේ දරුවන්ට යහපත් විනයගරුක සමාජයක් හදන්නට අපට කළ හැකි උපරිම සේවාව මා ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනව"
popular news
-
rocky Sunday, 15 January 2023 11:56 PM
Siyalu waraprasaa saha deemanaa thahanam kota siyalu depala Rajasanthaka karalaa balamu! Wyawasthaawa sirithak washayen ullanghanaya kala Hitapu Janaahipathi kenekuwa naaththu karanna Janathaawa kemathi nehe !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

