saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

TOP STORY - timelapse 4310 hours ago

LATEST

අරාබි පාසලේ ගව ඝාතකාගාරය වටලයි

calendar_today 2023 ජුලි 16 - 11:12 remove_red_eye - 1650  

දැඩි මුරකාවල් සහිතව බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඉදිරියේ අරාබි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතතකාගාරය ක් අද (16දා) අළුයම් කාලයේ වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් සමග සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් 07/14 දින දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී රැජිනි කාන්ත් මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි.

Read More

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය 21 හැවිරිදි තරුණියට කිසිදු ආකාරයක අධිමාත්‍රා ඖෂධ ලබා දීමක් හෝ වැරදි ඖෂධ ලබා දීමක්සිදුව නොමැති බවපේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 10ක වන්දි මුදලින් රු. කෝටි 1 1/2ක මුදලක් ගෙවා ඇත. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 05ක වන්දි මුදලින් රු. ලක්‍ෂ 10ක මුදලක් ගෙවා තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගෙවීමට නියම කළ රු.කෝටි 7 1/2ක වන්දි මුදලින් රු. 17,25,588 මුදලක් ගෙවා ඇත.රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කළ රු. කෝටි 7 1/

Read More

ගාස්තු ගෙවීමකින් යුතුව හා තොරව ත්‍රි රෝද රථ අලංකරනය කර ගැනීමට අවශ්‍ය අමතර උපාංග සවි කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසර දී තිබේ. මහජනතාවගෙන් ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ‌ගත් බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.

Read More

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය ඔයට බසයක් පෙරලීයාමෙන් 10 දෙනෙකු මියගිය බව මනම්පිටිය පොලිසිය ප්‍රකාශ කරයි.

Read More

මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මාස තුනක කාලයක් සඳහා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර තිබේ.

Read More

දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.

Read More

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා සුදුසු නිලධාරියකු පත්කිරීම තවදුරටත් කල්ගත වෙනු ඇති බවට වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05දා) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දැමිමට තීරණය කර තිබේ.

Read More

ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන ආ මුතුරාජා හෙවත් සක්සුරින් හස්තියා නැවතත් ශ්‍රී ලංකාව වෙත භාරදීමක් සිදු නොවනු ඇතැයි තායිලන්තයේ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුට් සිල්පා-අර්චා ඊයේ (05දා) දිනයේ පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙම වසරේදී මෙරට අපනයන ආදායමෙන් 25%ක් පමණ අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව වාර්තා වෙයි. යුරෝපයෙන් මෙරටට ලැබුණු ඇනවුම් අඩුවීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.

Read More

මෙරටට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් ඉතාමත් සුක්ෂම ලෙස මහාපරිමාණ ජාන මංකොල්ලකෑම්වල නිරතවන අවස්ථාවන් කළින් කළට වාර්තාවේ. තවත් එවැනි විශාල ජාන මංකොල්ලයක නිරත වු ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙකු හා ලාංකිකයෙකු සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ඉකුත් සතියේ වාර්තාවිය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 2,982කි.

Read More

තායිලන්තය විසින් පරිත්‍යාග කරන ලදුව ‍ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානයක ජීවත් වන ඉතිරි තායිලන්ත අලි දෙදෙනා ගැන තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන්ද ආපසු ගෙන්වා ගැනීමට තම අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා ආර්චා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය මුතු රාජා හෙවත් සක්සුරින් ඇතා රැගත් ගුවන් යානය 07/02 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ ’’චියෑන් මායි’’ ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරගාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල වෙත බලපෑමක් ඇති නොවන බවත් ඒ සඳහා ලබාදෙන සියයට 9ක පොලිය සහතික කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සහාය වශයෙන් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබේ.

Read More

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය , කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාළයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව 06/29 දින අලුයම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

’’අපිට හැමදාම හිඟන ජාතියක් වෙන්න බෑ, අපිට හැමදාම බංකොලොත් ජාතියක් වෙන්න බෑ. අපිටත් නම්බුවක් තියෙනවා. අපි ඒකත් හදාගෙන ඉදිරියට යන්න ඕන’’

Read More

සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයකට ලබා දීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව ඇත.

Read More

ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Read More

වැඩකරන කෝටි දෙකකට අධික ජනතාවකගේ සක‍්‍රිය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (25) කොළඹදී අවධාරණය කළේය.

Read More

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබේ .

Read More

සෞඛ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය නොලැබෙන්නේ නම් තවදුරටත් අමාත්‍යධුරයේ රැදී සිටීම පිළිබදව තීරණයක් ගැනිමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.