කුඩු සළිඳුගේ ප්‍රධානම ගෝලයා ඩුබායිහිදී අල්ලයි
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් "පියුමා " නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන 02/15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
මොහු කුඩු සළිදු වෙනුවෙන් ඩුබායි හි රැදී සිට මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීවරයෙකු මේ පිළිබඳ විමසීමක දී පැවසීය.
මොහු 02/15 දින අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
එසේ රැගෙන ආ මෙම අපරාධ කල්ලි සාමාජිකයා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රදවා තබා ගෙන අවශ්‍ය මූලික විමර්ශන සිදු කර 02/15 දින උදෑසන 08.00 ට පමණ දැඩි රැකවල් මධ්‍යයයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත රැගෙන ගියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
