පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවැරී ඇති බලතල අනුව ඒ ඒ පරිපාලන දිස්ත්‍රික්ක සඳහා තේරීම්භාර නිලධාරීන් හා සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreනොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරය සතු ගල්අඟුරු තොග මේ මස 31දා අවසන් වූ පසු විදුලි ජනන යන්ත‍්‍ර අක්‍රිය වන බවත් එම නිසා පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20දා) පවසයි.
Read Moreඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා වූ විශේෂ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු එල්ටීටීඊය නැවත සංවිධානය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදින 45ක අඛණ්ඩ බුද්ධි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත්වෙයි මත්ද්‍රව්‍ය තොගය අතර අයිස් කිලෝ 128ක් සහ හෙරොයින් කිලෝ 106ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට
Read Moreලෝක කුසලාන තරගාවලි ද්විත්වයකදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පත්විය. ඒ් මෙවර ලෝක කුසලානයේදීද එම සම්මානයට හිමිකම් කියමිනි.
Read Moreඅභිරහස් අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreනව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්වන බවත් ඒ සඳහා පක්ෂ 8 ක් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් ලකුණ ඉදිරියේදි තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්කෝව පරදා ගෝල 2-1 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ක්‍රොයේෂියාව සමවිය. මෙම තරගය කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
Read Moreකාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට කළ ඉල්ලීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබේ.
Read Moreවිස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ් මෙවර තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුනු 15 කට දවා ගනිමිනි. මෙම තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම විශේෂත්වයකි.
Read Moreප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව පොලිසීය පවසයි.
Read MoreUPDATE - තුවාල ලබා බොරැල්ල සුසාන භූමිය තුළ කාර් රථයේ සිටියදී අද (15) පස්වරුවේ සොයාගත් ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් අද රාත්‍රී තහවුරු කළේය.
Read Moreජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමිය තුළට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
Read Moreදැනටමත් අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් මේ වසරේ දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම ගැනීම, මේ වන විට අවුරුදු 62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 63දී විශ්‍රාම ගැනීම, මේ වන විට අවුරුදු 61 සම්පූරණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 62දී විශ්‍රාම ගැනීම, මේ වන විට අවුරුදු 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 61 දී විශ්‍රාම ගැනීම, අවුරුදු 59 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 60 දී විශ්‍රාම යා යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන්පූර්ව තරගයේදී මොරොක්කෝව ගෝල 2-0 ක් ලෙස පරාජය කිරීමට පසුගියවර ශූර ප්‍රංශය සමත්විය. මෙම තරගය අල් බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීනි.
Read Moreඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු මානස් ලැබුෂේන් සිය ටෙස්ට් පිතිකරණයේ උපරිම ප්‍රසාද ලකුනු මට්ටමට ලගා වී ඇත. ඒ සමස්ථ ටෙස්ට් ලකුණු 937 ක් හිමිකර ගනිමිනි.
Read Moreබීජිං, (Xinhua) --චීනයේ Chang’e-5 මෙහෙයුම මගින් ලබා ගත් චන්ද්‍ර සාම්පල අධ්‍යයනය කිරීමෙන් පසු චන්ද්‍රයා මත කලින් සිතුවාට වඩා ජලය ඇති බවට චීන විද්‍යාඥයින් තහවුරු කර ගෙන තිබේ.
Read Moreතරගාවලියේ අපරාජිත ක්‍රොයේෂියාව පරදා අවසන් පූර්ව තරගයේදී ගෝල 3-0 ක පහසු ජයක් වාර්තා කිරිමට ආර්ජන්ටිනාව සමත්විය. මෙම තරගය ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreපසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වූහ.මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදු කර වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
Read Moreප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ් මහතා 76 හැවිරිදි වියෙහි පසුවිය.
Read Moreකොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඉකුත් 10දා රාත්‍රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12දා) රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොල්ලුපිටියේ මාරක රිය අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී බෙන්ස් රථය පැදවූ පුද්ගලයා 24 හැවැරිදි ව්‍යාපාරිකයෙක් බවත් ඔහු මේ වන විට ඩුබායි වෙත පළාගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇති බවත් පොලීසිය පවසයි. අනතුර සිදුවූ පැය කිහිපයක් ඇතුළත ඔහු රටින් පළාගොස් තිබේ. රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එමින් සිටියදී මෙම බෙන්ස් රථයට ඉදිරියෙන් ගමන් කළ ත්‍රි රෝද රථයක් අනතුරට ලක්කළ අතර ත්‍රි රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගියේය.
Read More’’මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක් කියලා. (සහන) අනාගතයේදී ලැබෙයි. මැතිවරණයක් ආවොත් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නෑ කල් තියෙනවා ඕන තරම්. අපි ජනතාවට කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා’’
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සියයට 40 ක් දඩමුදලක් පැනවීමට ක්‍රියාකොටට ඇත. ඒ් කලම්බු ස්ටාර්ස් සමගින් පසුගියදා (08දා) පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙනි.
Read Moreපසුගිය දින කිහිපය පුරා සෞඛ්‍යයට අහිතකර ලෙස පැවැති වායු ගුණාත්මක දර්ශකය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් වායු ගුණත්වය අහිතකර මට්ටමක පවතී.
Read Moreජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැ , ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැ. ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ
Read Moreඅයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනීමට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ අද (09) දිනය වන විට මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීණ් පවසති.
Read Moreආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත් කමක් නෑ විදුලි බලය නවත්වන්න එපා කියලයි. අපි මේ ගැන කථා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි දේශපාලනයේ ඉන්නේ. මොකක්ද අපිට තියෙන විකල්පය.
Read Moreකොළඹ නගරයේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇති බව ජාත්‍යන්තර දර්ශක වලින් දැක්වෙයි. මෙම දර්ශකය අනුව පෙරේදා, ඊයේ හා අද දිනයේදී කොළඹ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දැක්වෙයි.
Read More