saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 4375 hours ago

LATEST

අරගලයේ ක්‍රියාකාරී ප්‍රියත්ට පහරදුන් කඩුවෙල හිටපු නි. නගරාධිපති අත්අඩංගුවට

calendar_today 2023 මැයි 11 - 05:55 remove_red_eye - 885  

ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට, පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය පවසයි.

දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු කොටස් ඉන්දියාවේ ටාටා සමාම වෙත පැවරීමට මූලික වටයේ සාකච්ඡාවක් සිදුවන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කළුතර ලැගුම්හලක පස් වන මහලින් බිමට ඇද වැටී අභිරහස් ලෙස මියගිය බව කියන 16 හැවිරිදි රූමත් පාසල් සිසුවිය එම ලැගුම්හලට රැගෙන ආ බව කියන මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

Read More

හිටපු අමාත්‍ය, පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ. ඔවුන් 05/07 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

Read More

ජනතාවට සවන් දෙමින් ‍උසස්‍පෙ‍ළ වි‍භාගයේ ‍උත්තරපත්‍ර පර‍ික්‍ෂා කිර‍ිමට කටයුතු කරන බව වි‍ශ්වවිද‍්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. කො‍ළඹද‍ි පැවැති මා‍ධ‍්‍ය හමුවකචදී ‍ඔවුන් මේ බව පැවැස‍ිය. කෙසේ වෙතත් වෘත්ත‍ිය ක්‍රියාමාර්ගය වෙනත් පැතිකඩ ‍ඔස්සේ ඉදිරියට ගෙන යන බවත් ඔවුන් සඳහන් ක‍‍ළේය.

Read More

ලබන ජූලි මාසයේදී විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මෙම වර්ෂයේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් සහිතව සේවයේ වාර්තා කිරීමට ඉඩකඩ සලසා දිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

මේ වසර සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ කිලෝ ග්‍ර‍ැම් 12.5 ග‍ෘහස්ත ග‍ැස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පම‍‍ණ හෙට ම‍ධ‍්‍යම රාත්‍රියේ සිට ප‍හ‍‍ළ දමන බව ලිට්‍රෝ ස‍භාපති මුදිත ප‍ිරිස් මහතා අද කො‍ළ‍ඹද‍ි පැවැති මාධ්‍ය හමුවකද‍ි ‍පැවැස‍ිය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 50.3හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 35.3 දක්වා පහළ යෑමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” සම්මාන උළෙලේදී මුද්‍රිත මාධ්‍ය අංශයේ රන් සම්මානය සහ ලෝකඩ සම්මානය යන සම්මාන දෙකම දිනා ගැනීමට අද පුවත්පතෙහි මාධ්‍යවේදීහු සමත් වූහ. රන් සම්මානය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් දිනාගත් අතර ලෝකඩ සම්මානය දිනා ගැනීමට නිදර්ශනී වික්‍රමසිංහ සමත් විය.

Read More

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබේ.

Read More

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයට එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

නිව් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හරහා ශ්‍රී ලංකාවට වන්දි ලබාගැනීම වෙනුවෙන් නඩු පැවැරීම වැළැක්වීම වෙනුවෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකුගේ ගිණුමට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක පමණ මුදලක් අල්ලස් වශයෙන් බැරවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි.

Read More

පුත්තලම ඉජීතුමා ක්‍රීඩාංගනයෙ පැවති යතුරු පැදි ධාවන තරග අතර තුරදී තරුණයින් පිරිසක් ගුටි බැට හුවමාරුවක් ඇති කර ගැනිමත් සමග ඒ වන විටත් පැවැත්විමට සුදානම් කර තිබු අනෙක් තරග සියල්ල නවතා දැමිමට සංවිධායකයින් කටයුතු කර තිබුනී.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් තවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ජාතික නිදහස් ‌පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

උසස්පෙළ පිළිතුරු පත්‍ර නොබලන්නේ නම් අධ්‍යාපන අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර එයට එරෙහිවන්නන්ට නඩු පවරන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබේ. ඒ අනුව ජනපතිවරයාට කළ හැකි බරපතල දේ කරන ලෙස තම සංගමය අභියෝග කරන බවද ඔවුන් සිය නිවේදනයෙන් පවසයි.

Read More

2021 වසරේ සිදුවූ එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු මහාධිකරණයට නඩු පවරන බව නීතිපති සංජේ රාජරත්නම් මහතා පැවසුවේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

ප්‍රතිත්‍රස්ත පනත ඇතැම් ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රට වැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ උද්ගතව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

Read More

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම ඉල්ලුම සම්පූර්ණ කිරීමට අවශය බලශක්තිය උත්පාදනය සඳහා 49.53 GWh ශුද්ධ ජනනයක් අවශ්‍ය වූ බවද අමාත්‍යවරයා පවසයි.

Read More

පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න- ජනපතිගෙන් අධ්‍යාපන බලධාරින්ට උපදෙස් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට පියවර පිළිතුරු පත්‍ර ඇඟයිම් කටයුතු අඩාල කළහොත් නීතිමය ක්‍රියාමාර්ග වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක

Read More

කාදිනල්තුමා ඊයෙත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ගෙව්වේ නැත්නම් දැඩි තීරණ ගන්න ඕන කියලා? එයා අග්‍රවිනිශ්චයකාරතුමා නෙමෙයිනේ ඒවා තීරණය කරන්න. ඒවා තීරණය කරන්නේ අධිකරණය

Read More

අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනක් මගින් දන්වා තිබේ. එම අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11දා නිකුත්කර තිබුණි.

Read More

මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.