විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටත්, නිශ්චිත සැලසුමක් යටතේ සමනල වැව ජලාශයෙන් විදුලිය නිපදවීමට ජලය නිකුත් කිරීමටත් අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ.
ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී කඩාවැටීමට ලක්වීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවගාවන්ට අවශ්‍ය ජලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් මාතරට ඒමට ඉඩ ඇතැයි කියා ලැබුණු තොරතුරකට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර කොටුවේ පිහිටි නිවසට හා ඒ අවට ප්‍රදේශයට ඊයේ (05දා) උදෑසන සිට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
Read Moreවිකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇතිකරලීමට සමත් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යාවශ්‍ය වන මිල අධික අමුද්‍රවයක් වෙනුවට භාවිතයට ගත හැකි හරක් ඇටකටුවලින් නිශ්පාදිත Bone graft material විශේෂයක් නිපදවීමට ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා සමත් වී ඇත.
Read Moreවිදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව ඊයේ (4දා) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.
Read Moreඅනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තඹුත්තේගම, ඊරියගමදී සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. අද පෙරවරුවේ මෙම මාරක අනතුර සිදුව තිබේ.
Read Moreමෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3 දා) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
Read Moreවිල්පත්තුව ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි ප්‍රදේශයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (02දා)නිකුත් කළේ
Read Moreදිවයින පුරා පොලිස් ස්ථාන 607ක් ඇති අතර ඉන් 121ක්ම පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ගත් පෞද්ගලික ගොඩනැගිලිවල බව අණාවරණය වෙයි.
Read Moreමෙරට ඉන්ධන වෙළඳපොළට අලුතෙන්ම ඇතුළත්වීමට නියමිත චීනයේ සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මේ වන විට ගොඩ බෑම ආරම්භ කර ඇති බවත් එහි දෙවැනි ඉන්ධන තොගය හෙට දිනයේදී පැමිණිමට නියමිත බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.
Read Moreඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
Read Moreලෝකයේ පුද්ගලයකු මේ වන විට සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්, එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන කරන බව ගෝලීය දත්ත අනුව හෙලිවෙයි.
Read Moreසමනල වැව හා උඩවළවේ ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වී ඇතුළු අනෙකුත් බෝග සහ විදුලි බල නිෂ්පාදනය අඩාළ වීම අනුව ඉදිරි සතියක කාලය තුළදී සමස්තයක් ලෙස රු.බිලියන 30ක පමණ අලාභයක් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Read Moreරටේ කුමන තත්ත්වයක් පැවතියත් තමා රට හැර නොයන බවත් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේදැයි කියා සිතා ගැනීමට නොහැකි ආකාරයට රට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛතීපාල සිරිසේන මහතා ඊයේ (29) පස්වරුවේදී මීටියාගොඩදී කීවේය.
Read Moreසෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත අඩුවී විකල්පයක් කෙරෙහි ජනතාවගේ කැමැත්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
Read Moreදේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇතැයි දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කටුනායක මිරැකල් ඩෝම් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඊයේ 26 වැඩිදුරටත් නියම කළේය.
Read Moreනිලධාරීන්ගේ පිළිතුරු පිළිබද සෑහීමකට පත්විය නොහැකි බව කමිටුව පෙන්වා දෙයි ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට අනුකූලව 2048 වර්ෂය වන විට ළඟා කර ගැනීමට සැලසුම්කරන අමාත්‍යාංශයේ තිරසාර සැලැස්ම පිළිබඳවත් ප්‍රශ්න කරයි
Read Moreවසරේ මුල් භාගයේ හොඳම තත්ත්වයේ සිටි ශ්‍රී ලංකා රුපියල මේ වන විට ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වී ඇතැයි ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීම හා ආනයන පාලනයන් ලිහිල් කිරීම ආදී හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ.
Read Moreදේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත.
Read Moreජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් සියයට 10.8කට පත්ව තිබේ. මෙය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උද්ධමන ප්‍රතිශතය වෙයි.
Read Moreඅමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අද පෙරවරු 8.30 වන විට, ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක් රජය සතුව පවතින බවයි.
Read Moreදිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreසමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය.
Read Moreබඩල්කුඹුර-මොණරාගල අතර ප්‍රදේශයකදි 21 දින උදේ 9.06ට සිදුවු බවට සැක කරන සුළු භු චලනයකින් ගම්මාන රැසක ජනතාවට තත්පර හතරක පමණ කාලයක් භුමියේ සෙලවීමක් දැනී තිබෙන බව මොණරාගල ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය,
Read Moreවගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර තිබේ.
Read Moreසිසේරියන් සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය එන්නතක් ( Heavy Marcaine) නොමැතිවීම හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නතර කිරීමට සිදුවන බව සඳහන් කරමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වෙයි.
Read Moreමේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී එය මිළදී ගැනීම සදහා ’’ ජනතා සමාගමක් ’’ ස්ථාපිත වෙමින් පවතින බව එම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අද (18දා) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
Read Moreඅනුරාධපුර පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සමබන්ධව අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධානයට යොමුවිය. පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල නව ආගමික ස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිකිරීම ගැටළුවක් බවත් , සිදු කිරීම විශාල ගැටළුවක් බවත් පාලනයකින් තොරව මෙම කාර්යය සිදු වන බවත් කටමිටුවේ දී සාකච්ඡාවට ලක්කෙරිණි.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි බල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂඅනුනවදහස් දහයක මුදලක් (13299010) වැයවන බවට ඇස්තමේන්තු කර ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා එම මුදල විදුලිබල මණ්ඩලයට ගෙවන ලෙසදැනුම් දී තිබේ .
Read More