saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

TOP STORY - timelapse 4021 hours ago

LATEST

වසර 3කට පසු මඩකලපුව විශ්වවිද්‍යාලය එහි හිමිකරුවන්ට යළි පවරයි

calendar_today 2023 සැප් 20 - 14:14 remove_red_eye - 1505  

හිටපු ආණ්ඩුකාර ආචර්‍ය එම් එල් එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මෙන්ම සමාජය තුළ දැඩි කථාබහකට ලක්වූ මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හැදින්වූ පෞද්ගලික විශ්වවිද්‍යාලය රටේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයන් සහ කොරෝනා වැනි හේතූන් මත රජයට පවරා ගන්නා ලදී.

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතා හිතකරත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

Read More

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කරමින් සිටි හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .

Read More

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සගවා තිබු ගිනි අවියක්,පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (18) හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකු විසින එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් අනූනවයෙන් තම දිවි බේරාගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

Read More

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.

Read More

පනාමුර, කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහරක් සඳහා ගෙනෙන ලද අලියෙකු අසලට ගිය දොළොස් හැවිරිදි දරුවෙකු එම අලියා 15දා සවස පහරදීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.

Read More

ගනේමුල්ල සංජීව නමැත්තා තලෙයි මන්නාරම හරහා ඉන්දියාවට පලා යාමේදී නේපාල ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විශාල මුදලක් ලබාදී නිදහස් වී තිබූ බවත් නේපාල ආරක්ෂක අංශ වෙත ඔහු අත්අඩංගුවට පත් වූ දිනයේ දී ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට විදෙස් නියමුවන් බඳවා ගැනීම සඳහා රජයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් සැලකිය යුතු පිරිසක් රට හැර යාම හේතුවෙන් එහි ගුවන් මෙහෙයුම් සඳහා දැඩි බලපෑමක් ඇතිව තිබේ. ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට නියමිතය.

Read More

මෙරට ප්‍රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (13දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Read More

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රීයව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පැවසීය.

Read More

බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහ නමයක් වටිනා කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ පෞද්ගලික ආයතනයකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/12 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

තමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත හෙවත් කුඩු සලිදු නමැත්තන් ගොනු කෙකාට ඇති පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ඔවුන්ගේ නීතීඥවරු අද (11) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

පසුගිය වසර 03 ඇතුළත දිවයින පුරා පුද්ගලයන් 9700 ක් සිය දිවි හානි කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන සකස් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි විශ්ව විද්‍යල මහාචාර්ය වරයෙකු වන වසන්ත අතුකෝරළ මහතා පවසයි.

Read More

පළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට අදාළව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරීමට නිමිතය.

Read More

2023 අගෝස්තු මාසයේ විදේශගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 499.2 මුදලක් දිවයිනට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය.

Read More

චැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තරගයේදී ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු පන්දු 28කදී ලකුණු 44ක් හා ලකුණු 21ට කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව ඇය තරගයේ වීරවරිය ලෙසද සම්මාන ලැබීය. එසේම තරග තුනේදී ඇය ලකුණු 114ක් හා කඩුලු පහක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව තරගාවලියේ විරවරිය ලෙසද ඇය සම්මාන ලැබීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු අද පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණ කළහ.

Read More

මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු වැනි හා දෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එකට පාඩම් වැඩ කල මිතුරියන් දෙදෙනෙකි.

Read More

තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගතකර තිබෙන බව සඳහන්.

Read More

වතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගියදා පැවති මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් විසින් ඉස්මතු කරන ලදී.

Read More

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් පැවැති ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් කිව් ආර් ක්‍රමවේදය ඉවත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

Read More

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

Read More

චීනයේ සිනෝපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල sinopec නමින් සිය සේවා කටයුතු ඊයේ (30දා) සිට ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.